27.8 C
Colombo
Friday, April 26, 2024

නේපාලයේ විරෝධතා උග්‍ර අතට

- Advertisement -

නේපාලයේ භාරකාර අගමැති ෂර්මා ඔලිට සහ ඔහු අගමැතිවරයා ලෙස හිදිමින් පාර්ලිමේන්තුව හදිසියේ විසුරැවා හැරීමට ගත් තීරණයට එරෙහිව නේපාලය පුරා ක්‍රියාත්මක විරෝධතා උග්‍ර අතට හැරී ඇති බව වාර්තා වේ.

ෂර්මා ඔලි නේපාල කොමියුනිස්ට් පක්ෂය නියෝජනය කරමින් අගමැති ධුරයට පත්වුවද ඔහුගේ ඒකපාක්ෂික තීරණ හේතුවෙන් මේ වනවිට එම පක්ෂයේ බහුතරයක් ඔහුට එරෙහි මෙම විරෝධතාවයන්ට සම්බන්ධ වී සිටින බව එරට මාධ්‍ය වාර්තා කර තිබේ.

කොමියුනිස්ට් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයන් වන හිටපු අගමැතිවරැන් වන පුෂ්ප කමල් දහල්, මාධව් කුමාර් නේපාල් මෙන්ම පක්ෂයේ ශිෂ්‍ය සංගමය වන සමස්ත නේපාල ජාතික නිදහස් ශිෂ්‍ය සංගමය මෙම විරෝධතාවලට නායකත්වය දෙන බව සදහන් වේ.

ඔවුන් විසින් කත්මන්දු අගනුවර සහ වෙනත් ප්‍රදේශවල දිනපතා විරෝධතා ව්‍යාපාර පවත්වමින් සිටින අතර මීට දින දෙකකට පෙර සමස්ත ජාතික වැඩ වර්ජනයක්ද ක්‍රියාත්මක කරනු ලැබිණ.

අගමැති ෂර්මා ඔලි චීනයේ බලපෑම් මත නේපාලයේ දේශපාලන අස්ථාවරත්වයක් ඇති කර ඇති බවට උද්ඝෝෂකයෝ චෝදනා කරති.

RECENT ARTICLES - SINHALA

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිරිසේනගේ මැයි රැලිය ගම්පහ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති...

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කරන්න ඕන-බන්දුල ගුණවර්ධන

ගොඩ ගැසී ඇති සියලු ම රියදුරු බලපත් එළඹෙන අගෝස්තු මාසය වන විට නිකුත් කර අවසන් කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන...

මත්පැන් හිඟ බදු මුදල් ගැන තීරණයක්

2023 වසරට අදාළව මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ජුනි මස 30 වනදා වනවිට අයකර ගැනීමට කටයුතු කරන ලෙස ක්‍රම හා විධි පිළිබඳ...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අරගලයේ වෙනස අපි පටන් ගන්න සුදානම්-නාමල්

අරගල සමයේ සටන් පාඨය බවට පත්වූ ක්‍රම වෙනසක් ඇති කිරීම සිය පක්ෂය තුළින්ම ආරම්භ කිරීමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු...