32 C
Colombo
Saturday, March 25, 2023

පිළියන්දල සිද්ධිය ! ජීවිත උගසට ගනිමින් වැඩ කරන උද්ධච්ච දේශපාලඥයන්ට නිළධාරීන්ට දඬුවම් දෙන්න – සමස්ත ලංකා වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය

- Advertisement -

පිළීයන්දල ප්‍රදේශය හුදෙකලා කිරීමේ තීරණය වෙනස් කිරීමට දේශපාලඥයෙක්ගේ මැදිහත්වීම නිසා මහජනතාවගේ ජීවිත අනතුරට පත්කිරීම හා ඒ සම්බන්දව රජයේ ඉහළ බලධාරීන් මුනිවත රැකීම පිළිබදව සමස්ත ලංකා වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අදාළ නිවේදනය පහතින්,

මේ වන විට ශ්‍රී ලංකික ජනතාව මුහුණ පා සිටින බරපතල සෞඛ්‍ය අවධානම පිළිබඳව කිසිදු තැකීමක් නැති දේශපාලඥයන් සහ නිළධාරීන් නිසා සාමාන්‍ය මහජනතාවට ජීවිතයෙන් සමුගැනීමට සිදුවිය හැකි සිදුවීමක් පිලියන්දල ප්‍රදේශයෙන් වාර්තා විය.

කොවිඩ් රෝගීන් සංඛ්‍යාව ඉහල යාම නිසා එම ප්‍රදේශය භාරව කටයුතු කරන කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි වෛද්‍ය සමන්තිකා විජේසුන්දර විසින් ප්‍රදේශයේ පවතින දැඩි අනාරක්ෂිත බව සලකා පිලියන්දල පොලිස්බල ප්‍රදේශය හුදකලා කරන ලෙස කරන ලද ලිඛිත ඉල්ලීමට අනුව හුදකලා කළ ද පසුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයා ඇතුළු කිසිදු සෞඛ්‍ය බළධාරියෙකුගේ විමසීමකින් තොරව අවම වශයෙන් දැනුවත්භාවයකින් හෝ තොරව පැය කිහිපයක් ඇතුලත එම හුදකලාභාවය ඉවත් කළේය.

පෞද්ගලික රූපවාහිනි නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් අදහස් පල කළ යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා “පිලියන්දල හුදකලා කිරීමට ගත් තීරණයත් සමඟ විවිධ පාර්ශව වලින් මට දුරකතන ඇමතුම් රාශියක් ආවා. මේ අය ජනාධිපතිතුමාට සහ අගමැතිතුමාටත් මේ ගැන දැනුම් දී ඇති බව මට පසුව දැනගන්න ලැබුනා.

ඉතින් ඒ ඉල්ලිම් “ප්‍රභල” නිසා පිලියන්දල හුදකලා කිරීමට ගත් තීරණය වෙනස් කරන්න සිද්ධ වුනා.” යනුවෙන් පැවසීය.

එම අදහස තවදුරටත් සනාථ කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසා ඇත්‌තේ තමන් ඒ හුදකලා භාවය ඉවත් කිරීම පිළිබඳව නොදැන සිටි බවයි.

එම හුදකලා කිරීම පිලියන්දල ප්‍රද්ශයෙන් ඉවත් කරන ලෙස තමන් “ඉල්ලීමක්” කළ බව අමාත්‍ය ගාමිණී ලොකුගේ ප්‍රකාශ කර තිබේ.

මෙම කරුණු අනුව පෙනී යන්නේ දේශපාලඥයන් මෙන්ම සෞඛ්‍ය පිළිබඳව අවබෝධයක් නැති නිළධාරීන් කටයුතු කරන්නේ මහජනතාවට සැබෑ ලෙස බලපාන සෞඛ්‍යමය හේතූන් පිළීබදව විශ්ලේෂණය කර විද්‍යාත්මක පදනමක් මත නොවන බවයි.

කොවිඩ් වසංගතයෙන් අපේ මාතෘ භූමිය බේරා ගැනීමට නම් මෙවන් අදූරදර්ශී දේශපාලඥයන් සහ අනවබෝධයකින් කටයුතු කරන නිළධාරීන් වෙනුවට සැබෑ උවමනාවෙන් කටයුතු කරන මේ පිළිබදව විශේෂඥ දැනුමක් සහිත පිරිසක් වෙත නායකත්වය භාරදිය යුතු බවත් ජනතාවගේ ජීවිත උගසට ගනිමින් කටයුතු කරන මෙවන් උද්ධච්ච දේශපාලඥයන් සහ නිළධාරීන් හට නිසි දඬුවම් ලබා දිය යුතු බවත් අවධාරණය කරන අප සංගමය ආදාල සිදුවීම පිළිබදව දැඩි අප්‍රසාදය පලකර සිටිමු.

එබැවින් “කොවිඩ් තුරන් කිරීම” වෙනුවෙන් ආණ්ඩුව ස්ථිර ලෙසම තීන්දුවක් ගතයුතු බවත් තනි තනි පුද්ගලයන්ට හෝ පුද්ගල කණ්ඩායම් වලට තම හිතුමනාපයට කටයුතු කිරීමට අවස්ථාව නොදී විධිමත් විද්‍යාත්මක විනිවිද පෙනෙන සුළු වැඩපිළිවෙලක් සකස්කර ජන ජීවිතය යථා තත්වයට පත්කිරීමට වගකීමෙන් කටයුතු කරන ලෙසත් ඉල්ලමු.

වෛද්‍ය ජයන්ත බණ්ඩාර
ප්‍රධාන ලේකම්,
සමස්ත ලංකා වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය.

RECENT ARTICLES - SINHALA

ඇමති බන්දුලට හූ කියා ගිය පුද්ගලයෙක් පොලිස් අත්අඩංගුවට

0
ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් හෝමාගම පිටිපන හන්දිය ආසන්නයේ අභිනවයෙන් ඉදි කෙරෙන බුද්ධ මන්දිරයකට මුල්ගල් තබන අවස්ථාවේදී හූ...

ලැබෙන ආධාරවලින් හෝ රාජ්‍ය සේවක වැටුප් ගෙවනවා – අගමැති

0
මැතිවරණ කොමිසමේ සාමාජිකයන් ඉදිරි දිනවලදී කැඳවා සාකච්ඡා කිරීමට සූදානම් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. පළාත් පාලන ඡන්දය පැවැත්වීමට...

බැසිල් හදිසියේම ජනපති හමුවෙයි

0
බැසිල් රාජපක්ෂ මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය සතියේ ඉතා පෞද්ගලික මට්ටමේ සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වනවා.

RECENT ARTICLES - ENGLISH

‘Prophet’ Uebert Angel involved in gold smuggling scheme

0
One of Zimbabwe’s most influential diplomats, Uebert Angel, offered to use his status to launder millions of dollars through a gold-smuggling scheme,...

IMF agreement: President hasn’t tabled Letter of Intend, alleges Harsha

0
SJB MP Dr. Harsha de Silva alleged President Ranil Wickremesinghe has not tabled the Letter of Intent with regard to the IMF...

Andrew Tate to spend another month behind bars

0
Controversial influencer Andrew Tate and his brother Tristan will remain in custody in Romania for a fourth consecutive month, a court has...