27.8 C
Colombo
Friday, April 26, 2024

කොවිඩ් ආසාදිතයින් ගේ නිරෝධායන කාලය දින 07කට අඩු කෙරේ

- Advertisement -

කොවිඩ් ආසාදිත රෝගීන් සහ ආසාදිතයින් සමග සමීප සම්බන්ධතා පවත්වුවන් සම්බන්ධයෙන් අනුගමනය කරනු ලබන සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව සංශෝධනය කරමින් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

ඒ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින්.

එහිදී රෝහල්ගත කොට සිටින කොවිඩ් ආසාදිත රෝගියෙකු හෝ නිවෙස්ගත ආසාදිතයෙකු නම් ඔහුට පැවති රෝගී ලක්ෂණ වලින් සුව අතට හැරී ඇත්නම්, ප්‍රතිජිවක ඖෂධ නොමැතිව පැය 48ක කාලයක් තුලදී උණ රෝගයෙන් නොපෙලෙන්නේ නම් දින 07කට පසුව රෝහලෙන් නිදහස් කිරිමට හැකිය.

යම් ආසාදිතයෙකුට රෝග ලක්ෂණ නොමැතිව පැය 48ක කාලයක් උණ රෝගය ඇත්නම් ඒ සම්බන්ධයෙන් තමන්ට ආසන්නයේ ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට දැනුම් දිය යුතු වනවා.

මේ අතර කොවිඩ් ආසාදිතයෙකු ගේ සමීප ආශ්‍රිතයෙක් ලෙස හඳුනා ගනු ලැබූ පුර්ණ ලෙස කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත ලබා ගෙන සිටින අයෙකු නම්, ඔවුන්ට රෝග ලක්ෂණ නොපෙන්වන්නේ නම් නිරෝධායනය වීමකින් තොරව සිය සාමාන්‍ය කටයුතු කරගෙන යා හැකිවේ.

නුමුත් සමීප ආශ්‍රිතයෙකු ලෙස හඳුනා ගනු ලබන පුද්ගලයෙකුට යම් අයුරකින් රෝග ලක්ෂණ පෙන්වන්නේ නම් ඔවුන් වහාම කොවිඩ් පරීක්ෂණයකට යොමු විය යුතු වේ.

කොවිඩ් එක් එන්තක් ලබාගෙන සිටින හෝ එන්නත්කරණයට ලක් නොවූ පුද්ගලයෙකු කොවිඩ් ආසාදිතයෙකු ගේ සමීප ආශ්‍රිතයෙක් ලෙස හඳුනා ගැන ලැබුවොත් එම පුද්ගලයා දින 07ක නිරෝධායනයට ලක්වීමෙන් පසු සිදුකරනු ලබන රැපිඩ් ඇන්ටිජන් හෝ PCR පරීක්ෂණයක ප්‍රථිපල මත නිරෝධායනයෙන් නිදහස් කළ හැක.

RECENT ARTICLES - SINHALA

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිරිසේනගේ මැයි රැලිය ගම්පහ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති...

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කරන්න ඕන-බන්දුල ගුණවර්ධන

ගොඩ ගැසී ඇති සියලු ම රියදුරු බලපත් එළඹෙන අගෝස්තු මාසය වන විට නිකුත් කර අවසන් කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන...

මත්පැන් හිඟ බදු මුදල් ගැන තීරණයක්

2023 වසරට අදාළව මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ජුනි මස 30 වනදා වනවිට අයකර ගැනීමට කටයුතු කරන ලෙස ක්‍රම හා විධි පිළිබඳ...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අරගලයේ වෙනස අපි පටන් ගන්න සුදානම්-නාමල්

අරගල සමයේ සටන් පාඨය බවට පත්වූ ක්‍රම වෙනසක් ඇති කිරීම සිය පක්ෂය තුළින්ම ආරම්භ කිරීමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු...