22 C
Colombo
Friday, January 28, 2022

දුම්රිය සේවකයන් වැඩවර්ජනයක

- Advertisement -

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය රියදුරන් සහ දුම්රිය නියාමකවරුන් ඊයේ (17) මධ්‍යම රාත්‍රීයේ සිට වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

දුම්රිය නියාමකවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අනුර පීරිස් මහතා සඳහන් කළේ දුම්රිය ධාවනයේ දී සිදුවන මෙහෙයුම් වැරදි සඳහා දුම්රිය සේවකයින්ගෙන් අලාභයක් අයකර ගැනීමට රජය ගෙන ඇති තීරණය ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් මෙම වර්ජනය ක්‍රියාත්මක බවයි.

මේ සම්බන්දයෙන් බලධාරීන් සමග සිදුකළ සාකච්ඡා සිදුකලත් ඒවා අසාර්ථකවීම හේතුවෙන් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බව අනුර පීරිස් මහතා සඳහන් කළා.

කෙසේවෙතත් දුම්රිය වර්ජනය ක්‍රියාත්මක කළ ද වෙනත් නිලධාරීන් යොදවා කාර්යාල දුම්රිය කිහිපයක් ධාවනය කිරීමට පියවරගෙන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව ප්‍රධාන මාර්ගයේ කාර්යාල දුම්රිය 5ක්, මුහුදුබඩ මාර්ගයේ කාර්යාල දුම්රිය 4ක් ධාවනය කිරීමට කටයුතු යොදා තිබෙනවා.

මේ අතර ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ලබන 22වන දින සංඛේත වැඩ වර්ජනයක නිරතවීමට රජයේ දන්ත වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සූදානම් වනවා.

RECENT ARTICLES - SINHALA

කොවිඩ් ආසාදිතයින් ගේ නිරෝධායන කාලය දින 07කට අඩු කෙරේ

0
කොවිඩ් ආසාදිත රෝගීන් සහ ආසාදිතයින් සමග සමීප සම්බන්ධතා පවත්වුවන් සම්බන්ධයෙන් අනුගමනය කරනු ලබන සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව සංශෝධනය කරමින් නව චක්‍රලේඛයක් නිකුත් කර...

මෙරටට පැමිණෙන විදේශිකයන්ට ඩොලර් 50,000ක රක්ෂණයක් අනිවාර්‍ය කරයි

0
කොවිඩ් ව්‍යාප්තිය හමුවේ විදෙස් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් නිකුත් කර තිබෙනවා. මාලාව අනුව මෙරටට...

මාස කිහිපයකින් ආණ්ඩුව තුනට කැඩෙනවා..!

0
මේ වසරේ අගෝස්තු මස වන විට වත්මන් ආණ්ඩුව 3ට කැඩීමට නියමිත බව සමඟි බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පවසනවා

RECENT ARTICLES - ENGLISH

Pfizer and BioNTech start trials of new Omicron-specific jab

0
Pfizer and BioNTech have started clinical trials of a new Covid vaccine which targets the Omicron variant. The companies...

‘Daya Master’ gets two years suspended sentence

0
Former LTTE spokesman Daya Master alias Velayudam Dayanidhi has been sentenced to two years in prison suspended for a period of five...

CEB Chairman resigns after removal of Susantha Perera

0
Ceylon Electricity Board (CEB) Chairman M.M.C. Ferdinando tendered his resigned today (26), after the removal of Susantha Perera from Acting General Manager...