24 C
Colombo
Tuesday, March 21, 2023

රනිල් මේ මෙහොතෙම ඉල්ලා අස් වෙන්න ඕනෙ..! – අන්තරේ

- Advertisement -

වැඩ බලන ජනාධිපති ධුරයේ අද (15) දිනයේ දිවුරුම් දුන් රනිල් වික්‍රමසිංහ මේ මෙහොතෙම ඉල්ලා අස්විය යුතු බව අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ පවසනවා.

ඒ අද කැඳවා තිබූ විශේෂ මාධ්‍ය හමුවක් අමතමින්.

ගෝඨාභය රාජපක්ෂ ඉල්ලා අස්වූවා නොව ඔහුව ජනතාව එක්වී ඉවත් කළ බවත් එය ඓතිහාසික ජයග්‍රහණයක් බවත් සිහිපත් කරන ඔහු වැඩිදුරටත් පවසන්නේ බලය ඇත්තේ ජනතාව තුල බවත් සටන් කර දිනිය හැකි බව ඉන් මනාව පෙනී ගිය බවත් ය.

” විධායක ජනාධිපති කෙනෙක් කොහොමද එලවන්නේ, එහෙම යයිද කියලා ඇතැම් පාර්ශව කිව්වා ඒ වගේම තවත් සමහරු කිව්වා අරගලයට නායකත්වයක් නෑ, වැඩපිළිවෙලක් නෑ කියලා. හැබැයි මේ හැමදේටම මේ රටේ ජනතාව මේ වෙනකොට උත්තර දීලා තියෙනවා. රනිල්ට පාර්ලිමේන්තු එන්නවත් ජනමතයක් නෑ. පස්ස දෙරින් පාර්ලිමේන්තුවට ආපු රනිල් දැන් ජනාධිපති පුටුවෙ වාඩි වෙලා ඉන්නවා. රනිල් දිවුරුම් දීලා අපිට කියනවා ප්‍රජාතන්ත්‍රවාදය රකින්නලු. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ බහුතරයේ කැමැත්ත නම් කෝ රනිල්ට බහුතරයේ කැමැත්ත? මේක තනි දේශපාලන ගේම් එකක්. මිනිස්සු ගෝඨාභයට වගේම රනිල්ටත් ගෙදර යන්න කිව්වා. රනිල් මොකක්ද දැණ් ජනාධිපති පුටුවෙ කරන්නේ? පොහොට්ටුවෙ මන්ත්‍රීවරු ටිකක් සූදානම් වෙනවලු රනිල්ව දිගටම ජනාධිපති ධුරයේ තියන් ඉන්න. එහෙම හැදුවොත් මේ රටේ ජනතාව ඒවට උත්තර දෙයි. එවට උත්තර අපි ඉදිරි දවස් කිහිපයේදී දෙන්නම්. අපි කියනවා රනිල් මේ මොහොතෙම ඉල්ලා අස්වෙන්න ඕනෙ කියලා.”

RECENT ARTICLES - SINHALA

ලංකාවට IMF එකෙන් ලැබෙන පළමු මුදල ගැන හෙළිදරව්වක්

0
ශ්‍රී ලංකාව සඳහා ඩොලර් බිලියන 3කට ආසන්න විස්තීර්ණ මුල්‍ය සහනයක් අනුමත කළ බවට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ඊයේ (20) රාත්‍රියේ නිල වශයෙන්...

IMF වෙත ජනපතිගෙන් ස්තුතිය

0
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට සහ සෙසු අන්තර්ජාතික පාර්ශවකරුවන්ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ස්තුතිය පළකර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ඔහු...

කැබිනට් රැස්වීමේ දී ගත් විශේෂ තීන්දුව

0
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකම සඳහා එම අරමුදලේ විධායක කමිටු අනුමැතිය ලැබුණු වහාම ඒ පිළිබඳව වන පොරොන්දු පත්‍රයට සහ...

RECENT ARTICLES - ENGLISH

SL passes through IMF assistance

0
The Executive Board of the International Monetary Fund (IMF) approved today a 48‑month extended arrangement under the Extended Fund Facility (EFF) with...

Breaking: Dimuth to step down from captaincy

0
Sri Lanka Cricket Test Skipper Dimuth Karunaratna today said he has informed the SLC selection committee that he will step down from...

“We are no longer a bankrupt nation”: President

0
President Ranil Wickremesinghe said Sri Lanka will no longer be declared a bankrupt nation in the next few days.