වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ හෙට දින ජනාධිපති ධුරයේ දිවුරුම් දීමට නියමිත බව වාර්තා වනවා.
ඒ, රටින් පලාගොස් සිටින ගෝඨාභය රාජපක්ෂ අද දින සිය ඉල්ලා අස්වීමේ ලිපිය කථානායක වරයා වෙත ලැබීමට සැලැස්වීමෙන් අනතුරුවයි.
නව ජනාධිපතිවරයා දිවුරුම් දෙනු ඇතැයි පැවසෙන ස්ථාන 7ක් වනවා. ඒ,
කථානායක නිල නිවස
අගවිනිසුරු නිල නිවස
වැඩ බලන ජනාධිපතිවරයා දැනට රැඳී සිටින නිවස
යුදහමුදා මූලස්ථානය
පාර්ලිමේන්තුව
අරලියගහ මන්දිරය
ශ්‍රේෂ්ඨාධිකරණය යන ස්ථානයි. ඒ අනුව එම ස්ථාන අතුරින් යම් ස්ථානයකදී අභිනව ජනපතිවරයා දිවුරුම් දෙනු ඇති.