33 C
Colombo
Wednesday, May 8, 2024

13 ගැන රනිල්ගේ සංවාදය ජාතිවාදී උගුලක්..! – ටිල්වින්

- Advertisement -

රට ආර්ථික වශයෙන් පිරිහී රනිල් වික්‍රමසිංහලා දේශපාලන වශයෙන් බිංදුවලට වැටී සිටින මොහොතක ඔවුන් ගැලවීමේ මාර්ගයක් සොයමින් ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසනවා.

වැඩිදුරටත් අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්වරයා

“රනිල් වික්‍රමසිංහ එක පාරටම, මහා හදිස්සියකින් තමයි මේ 13 ගැන සංවාදය එළියට ගත්තේ. නැතුව අපේ රටේ කවුරුත් 13 ගැන කතාකරමින් හිටියේ නැහැ. උතුරේ දකුණේ හැම තැනම කතා කරමින් හිටියේ දරාගන්න බැරි බඩු මිල ගැන. ආර්ථික අර්බුදය ගැන. දරුවන්ට කන්න දෙන්න බැරි එක. රටම අඳුරේ තියන එක ගැන. ලෙඩකට බෙහෙත් නැති එක ගැන. තෙල් මිල ගෑස් මිල ඉහල යන එක ගැන. ඒ ප්‍රශ්න ඔක්කොම තියෙද්දී තමයි රනිල් වික්‍රමසිංහට 13 ගැන මතක් වෙලා තියෙන්නේ.

රනිල්ලගේ ඇත්ත වුවමනාව අපේ රටේ ජනතාව තේරුම් ගන්න ඕනෑ. හැමදාම වාගේ රනිල් වික්‍රමසිංහලා මේ කරන්නේ ජනතාව ඉදිරියේ ජාතිවාදී උගුල් අටවන එක. බොරු වළවල් කපන එක. ඒ නිසා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මේ ජාතිවාදී උගුල්වලට හසු වෙන්න එපා කියලා.

රට ආර්ථික වශයෙන් පිරිහිලා රනිල් වික්‍රමසිංහලා දේශපාලන වශයෙන් බිංදුවලට වැටිලා ඉන්නේ. ඒ වගේ වෙලාවක ඔවුන් ගැලවීමේ මාර්ගයක් හොයමින් ඉන්නවා. අනෙක් පැත්තෙන් මේ ආණ්ඩුවට විශාල ජනතා විරෝධයක් ඇති වෙලා ජනතාව ජාතික ජන බලවේගය වටා එකතු වෙමින් ඉන්නවා. මාර්තු නම වෙනිදා මේ පාලකයන් නියත වශයෙන්ම පරාජය කරන මැතිවරණයක් එනවා. ඒ ගැන බියටපත් මේ පාලක හවුල විවිවිධ කුමන්ත්‍රණ කරනවා. මැතිවරණයකට සල්ලි නැහැ කියනවා. මැතිවරණ රාජකාරිවලට වැඩකරන වාහන වලට තෙල් දෙන්න බැහැ කියනවා. ඡන්දය ගනින්න ලයිට් දෙන්න බැහැ කියනවා. හැබැයි ඒ එකකින්වත් මාර්තු නමවෙනිදා නියත පරාජයෙන් මෙයාලට බේරෙන්න බැරි බව දැනිලා තියෙනවා.

ඒ නිසා ආණ්ඩුවට ඕන වෙලා තියෙනවා, ආණ්ඩු විරෝධී මතය පැත්තක තියලා වෙන සංවාදයක් එළියට ගන්න. ඒ නිසා තමයි 13 ගැන බොරු සංවාදයක් ආරම්භ කර තියෙන්නේ. අපේ රටේ තිබෙන කිසිදු ප්‍රශ්නයක් විසඳගන්න බැරි රනිල් වික්‍රමසිංහලා ජාතික ගැටලුව වැනි සංකීර්ණ ප්‍රශ්නයක් විසඳයි කියලා හිතනවද. නැහැ. කවදාවත් නැහැ. මේ බොරුවක් කරන්නේ.

රනිල් වික්‍රමසිංහගේ මේ ප්‍රකාශත් එක්ක අපේ රටේ හැමදාමත් ජාතිවාදය මත දේශපාලනය කරපු කණ්ඩායම් ඒ සංවාදය අල්ලගෙන තියෙනවා. ජනතාව බයවද්දන ප්‍රකාශ කරමින් ඉන්නවා. 13 සංශෝධනය අපේ රටේ ව්‍යවස්ථාව ඇතුල් කළේ රානිගේ මාමා ජේ.ආර්. ජයවර්ධන. ඒ 1987දී. ඒ වෙලාවෙත් ඒ කැබිනට් එකෙත් රනිල් ඇමති කෙනෙක්. එතන ඉඳන් දැන් අවුරුදු 35ක් වෙනවා. උතුරේ ජනතාවගේ කිසිම ප්‍රශ්නයක් කිසිම විදිහකින් විසඳිලා නැහැ. ව්‍යවස්ථාවට මොන මොන කෑලි එකතු කළත් මේක අසාර්ථක ව්‍යුහයක්.

හැබැයි පාලකයින්ට ජනතාවට මුහුණ දෙන්න බැරි හැමවෙලාවකම මේ ජාතික ප්‍රශ්නය ඇදල ගන්නවා. ව්‍යාජ, වංක සංවාදයක් හදනවා. ගැටුම් නිර්මාණය කරනවා. උත්තරයක් නැහැ. ඒ නිසා මේ පාරත් මෙයා ජනතාව ඉදිරියේ උගුලක් අටවලා තියෙන්නේ. ඒකට අපේ රටේ බංකලොත් ජාතිවාදී නඩ එකතු වෙලා ඉන්නවා. අපි ජනතාවට කියනවා මේ ජාතිවාදී නඩවල උගුල්වලට අහුවෙන්න එපා කියලා.

උතුරේ ජනතාවගේ ප්‍රශ්න විසඳෙන්න ඕනෑ. ඒකට අපෙන් කිසිම බාධාවක් නැහැ. කොන්දේසියක් නැහැ. හැබැයි අපි හිතනවා අපි දන්නවා ඒක මේ පාලකයින්ට කරන්න බැහැ. කරන්න ඕනෙත් නැහැ.

ඉදිරියේදී ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක දී අන්ඩදාපු මේ ව්‍යවස්ථාව වෙනුවට අපි අලුත් ව්‍යවස්ථාවක් හදනවා. ඒ ව්‍යවස්ථාව ජනතාවගේ අදහස් එක්ක හදනවා. ජනතාවගේ කැමැත්තෙන් ඒ ව්‍යවස්ථාව සම්මත කරගන්නවා. ඒ ව්‍යවස්ථාව තුළ ජාතික ගැටලු විසඳීම සඳහා අවශ්‍ය යෝජනා ඇතුල් කර ගන්නවා. ඒ නිසා නැවතත් අපි ජනතාවට කියනවා මේ අටවන බොරු වළවල්වල වැටෙන්න එපා කියලා”

RECENT ARTICLES - SINHALA

පාර්ලිමේන්තුවටයි කතානායකතුමාටයි නිදහසක් ලැබිලා

සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බවට ප්‍රකාශ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව පිළිබඳ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී...

අධ්‍යාපන ඇමති සහ කොරියානු තානාපතිනිය අතර හමුවක්

අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සහ මෙරට කොරියානු තානාපති මියොන් ලී මහත්මිය අතර ද්වීපාර්ශ්වික සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ශ්‍රී ලංකාව හා කොරියාව අතර වෘත්තීය හා...

අභිරහස් ලෙස මිය ගිය හඳුන් දිවියෙකුගේ සිරුරක් තේ වත්තක

තුවාල සහිතව අභිරහස් ලෙස මියගොස් සිටි හඳුන් දිවියෙකුගේ සිරුරක් අද (08) දින හමු වී තිබෙනවා. හැටන් පොලිස් වසමට අයත් වනරාජා තේ වත්තේ ඉහල කොටසේ ළඳු...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

හෙද සේවය ඇතුළු සෞඛ්‍ය සේවාවල විශ්‍රාම වයස් සීමාවේ වෙනසක්

හෙද කාර්ය මණ්ඩලයේ ඇතුළු ඇතැම් සෞඛ්‍ය සේවාවල විශ්‍රාම යාමේ වයස අවුරුදු 61 දක්වා දිර්ඝ කරන ලෙස ඉල්ලා අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව...