30.2 C
Colombo
Saturday, April 27, 2024

තරුණයෙකුට පහරදී වැඩ පෙන්නූ පොලිස් ලොක්කා (වීඩියෝ)

- Advertisement -

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වන රන්මල් කොඩිතුවක්කු විසින් රත්නපුර කිරිඇල්ල මාර්ගයේදී පුද්ගලයෙකුට පහරදෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යවල ප්‍රචාරය වෙමින් පවතී.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා එම අවස්ථාවේ බීමත්ව සිටි බවක් පෙනෙන්නට තිබූ බව එම වීඩියෝවේ පුද්ගලයෙකු පවසයි.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මෝටර් රථයක් පසුපස හඹාවිත් එය නතරකර එම රථයේ සිටි තරුණයෙකුට පහරදෙනු දක්නට ලැබෙන අතර තරුණයා එම රථයේ සිට ඇත්තේ සිය මව සමගයි.

රන්මල් කොඩිකුවක්කු මීට පෙර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයකු වශයෙන් සිටියදීද මාධ්‍යවේදියෙකුට මෙවැනිම ආකාරයේ පහරදීමක් සිදුකර තිබිණ.

මොහුට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු ලෙස උසස්වීම ලැබුනේ පසුගිය ජූනි මස 17වනදායි. ඔහුගේ පියා වන ලකී කොඩිතුවක්කු මීට පෙර පොලිස්පතිවරයෙකු ලෙස කටයුතු කර ඇත.


RECENT ARTICLES - SINHALA

දුම්රිය ආසන වෙන් කිරීමත් අවුලක

අන්තර්ජාලය ඔස්සේ දුම්රිය ආසන වෙන් කිරීමේ අර්බුදය විසඳීමට බලධාරීන් මේ වනතෙක් පියවර ගෙන නොමැති බවට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා. එහි සභාපති සුමේධ සෝමරත්න මහතා...

මැණික් ගරමින් සිටි පුද්ගලයෙක් දියේ ගිලී මරුට

හොරණ පෝරුවදණ්ඩ ප්‍රදේශයේ කළුගඟේ මැණික් ගරමින් සිටි පුද්ගලයෙකු දියේ ගිලි මියගොස් තිබෙනවා. පොලීසිය සඳහන් කළේ ඊයේ (26) දහවල් කාලයේ මෙම පුද්ගලයා කළු ගඟේ මැණික් ගරමින්...

අනුර අද ස්වීඩනයේදී ජනහමුවකට

ස්වීඩනයේ සංචාරයක නිරත ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ජනහමුවකට සහභාගිවීමට නියමිතව තිබෙනවා. ස්වීඩනයේ, නකාඕලා, ස්ටොක් හෝම්හිදී මෙරට වේලාවෙන් අද පස්වරු 6.00ට පමණ...

POPULAR ARTICLES

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් ගැන සුසිල්ගෙන් දැනුම් දිමක්

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් සඳහා 60,000ක් ඉල්ලුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. එහි කටයුතු ලබන සතිය වන විට අරඹන බවත් විද්‍යාපීඨ...