26 C
Colombo
Wednesday, May 8, 2024

රවීගේ සිත රිදවූ රජයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙක්ගෙන් බිලියන 4ක් ඉල්ලයි

- Advertisement -

හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් තමාට එරෙහිව රාජ්‍ය අමාත්‍යවරයෙක් සහ ආණ්ඩුපක්ෂ මන්ත්‍රීවරියක් විසින් සිදු කරන ලදැයි කියන අසත්‍ය හා ද්වේශසහගත ප්‍රකාශයන්ට එරෙහිව එන්තරවාසියක් යවා ඇත.

එහිදී ඔහුගේ නීතීඥවරිය එම එන්තරවාසි මගින් දක්වා ඇත්තේ ඇයගේ සේවාදායකයා වන රවී කරුණානායක මහතාට දැඩි අගතියක් හා හානියක් සිදු වන ප්‍රකාශ ඔවුන් විසින් සිදුකර ඇති බවයි.

හිටපු මුදල් අමාත්‍යවරයෙක් වන රවී කරුණානායක මහතා සීනි තොග සැඟවූ වෙළඳපොලේ දැනට පවතින සීනි හිඟයට වගකිව යුතු පුද්ගලයෙක් බවට බලධාරීන් සොයාගත් බවට ඍජුව සහ/හෝ වක්‍රාකාරව හැඟවෙන පරිදි පසුගිය 5වනදා හිරු නාලිකාවේ විකාශය වූ වැඩසටහනකදී, වනජීවී රැකවරණය, අලිවැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂිත වැඩ පිළිවෙලවල් හා කැලෑ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා විසින් සිදු කළ ප්‍රකාශයන් අසත්‍ය හා ද්වේශසහගත බවත් එම ප්‍රකාශ දේශපාලනික වාසි ලබා ගැනීමට උවමනාවෙන්ම නිර්මාණය කර ඇති බවත් එම එන්තරවාසියෙන් ඇය දන්වා සිටියි.

තවද, ගම්පහ දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රීනී කෝකිලා ගුණවර්ධන මහත්මිය විසින් පසුගිය 7වනදා දෙරණ රූපවාහිනී නාලිකාවේ වාද පිටිය වැඩසටහනේදී සීනි සම්බන්ධව මෙවැනිම අසත්‍ය හා ද්වේශසහගත ප්‍රකාශයන් සිදුකර ඇති බවත් එහි දැක්වෙනවා.

එබැවින් වසර 30කට අධික කාලයක් දේශපාලනයේ නිරතවූ අයෙක්, හිටපු අමාත්‍යවරයෙක් සහ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයෙක් මෙන්ම කොළඹ දිස්ත්‍රික් නායකයාද වන රවී කරුණානායක මහතාට සිදුවූ සිත් තැවුළ සහ හානියේ වටිනාකම බිලියන 2ක් ලෙස ගණන් බලා ඇති බැවින් රාජ්‍ය අමාත්‍යවරයා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය විසින් බිලියන 2 බැගින් ගෙවිය යුතුව ඇති බවත් එසේ ගෙවීමට අපොහොසත් වුවහොත් අදාල නීති ක්‍රියාමාර්ග වලට එළැඹීමට තම සේවාදායකයා තමන්ට දන්වා ඇති බවත් නීතීඥවරිය වැඩිදුරටත් අදාල එන්තරවාසිය හරහා දන්වා සිටියි.

RECENT ARTICLES - SINHALA

NMRA හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර අත්අඩංගුවට

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර මහතාව අද (08) අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැය 10කට ආසන්න කාලයක්...

ශ්‍රී ලංකන් පාඩුව ගැන අගමැතිගෙන් හෙළිදරව්වක්

ශ්‍රී ලංකන් ගුවන් සමාගම පසුගිය වසර දහයේදී (2014 -2024) රුපියල් කෝටි හතළිස් පන් දහස් හත්සිය අනූවකට වැඩි මුදලක් පාඩු ලබා තිබෙන බව අග්‍රාමාත්‍ය දිනේෂ්...

අහුංගල්ලේ වෙඩි තැබිමක්

Update : අහුංගල්ල වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මියගොස් තිබෙනවා. මෙසේ මිය ගොස් ඇත්තේ 55 හැවිරිදි පුද්ගලයෙක් බවට වාර්තා වනවා. අහුංගල්ල ප්‍රදේශයේ අද(08) සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

හෙද සේවය ඇතුළු සෞඛ්‍ය සේවාවල විශ්‍රාම වයස් සීමාවේ වෙනසක්

හෙද කාර්ය මණ්ඩලයේ ඇතුළු ඇතැම් සෞඛ්‍ය සේවාවල විශ්‍රාම යාමේ වයස අවුරුදු 61 දක්වා දිර්ඝ කරන ලෙස ඉල්ලා අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව...