27.8 C
Colombo
Friday, April 26, 2024

අද ලෝක ජල දිනය බව සනත් නිශාන්තත් මතක් කරලා දීලා

- Advertisement -

ලෝක ජල දිනය අදට යෙදී තිබෙනවා.

1922 වසරේ බ්‍රසීලයේ රියෝද ජැනයිරෝ නගරයේ පැවති එක්සත් ජාතින්ගේ සංවිධානයේ පරිසර හා ප්‍රවර්ධන පිළිබඳ සම්මේලනයේ දී සිදුකරන ලද යෝජනාවකට අනුව එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලය විසින් සෑම වසරකම මාර්තු මස 22 වැනිදා ලෝක ජල දිනය ලෙස නම් කරනු ලැබුවා.

මේ අතර ග්‍රාමීය හා ප්‍රාදේශීය පානීය ජලසම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාද අදට යෙදී තිබෙන ලෝක ජල දිනය පිළිබදව සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබෙනවා.

සනත් නිශාන්ත මහතා ජල දිනය පිළිබදව සිහිපත් කිරීම සම්බන්දයෙන් මේ වන විට සමාජ මාධ්‍ය තුළ බොහෝ දෙනා හාස්‍යයට ලක්කර තිබෙනවා.

වනාන්තර ආරක්ෂා කර ගැනීම පිළිබදව දිසා වන අඩවි නිලධාරී දේවානි ජයතිලක මහත්මිය සමඟ ඇතිවූ වාදයක් පිළිබදව බොහෝ දෙනා සිහිපත් කරමින් ජලය රැකගැනීමට අවශ්‍ය නම් ඊට පෙර වනාන්තර ආරක්ෂා කරගත යුතු බව රාජ්‍ය අමාත්‍යවරයාට සිහිපත් කර තිබෙනවා.

එමෙන්ම පුත්තලම ආනවිලුන්දාව රැම්සා තෙත්බිම් ප්‍රදේශය නීතිවිරෝධී ලෙස ඩෝසර් කරමින් ඉස්සන් කොටු ඉදිකිරීමට ක්‍රියා කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ සොහොයුරු ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ජගත් සමන්ත මහතාගේ මෙහෙයවීමෙන් සිදුවූ බව එම පරිසර විනාශය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත්කළ විශේෂඥ කමිටුවද මීට පෙර හෙළිකර තිබුණා.

පසුව ඔහු පසුගිය සැප්තැම්බර් 22 වනදා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටද අධිකරණය කටයුතු කර තිබුණා.


RECENT ARTICLES - SINHALA

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිරිසේනගේ මැයි රැලිය ගම්පහ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති...

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කරන්න ඕන-බන්දුල ගුණවර්ධන

ගොඩ ගැසී ඇති සියලු ම රියදුරු බලපත් එළඹෙන අගෝස්තු මාසය වන විට නිකුත් කර අවසන් කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන...

මත්පැන් හිඟ බදු මුදල් ගැන තීරණයක්

2023 වසරට අදාළව මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ජුනි මස 30 වනදා වනවිට අයකර ගැනීමට කටයුතු කරන ලෙස ක්‍රම හා විධි පිළිබඳ...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අරගලයේ වෙනස අපි පටන් ගන්න සුදානම්-නාමල්

අරගල සමයේ සටන් පාඨය බවට පත්වූ ක්‍රම වෙනසක් ඇති කිරීම සිය පක්ෂය තුළින්ම ආරම්භ කිරීමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු...