30 C
Colombo
Wednesday, May 15, 2024

JVP දින්නොත් අමුඩයක් ඇඳන් ගෝල් ෆේස් එකට දුවනවා..! – සනත් නිශාන්තගෙන් ඔට්ටුවක්

- Advertisement -

එළැඹෙන පළාත් පාලන මැතිවරණයේදී ජාතික ජන බලවේගය විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට වඩා එක් ඡන්දයක් හෝ වැඩිපුර ලබාගතහොත් තමන් අමුඩයක් පමණක් ඇඳගෙන සිය කාර්යාලයේ සිට ගාලු මුවදොර දක්වා දිවයන බව ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සඳහන් කරනවා.

ඔහු මේ බව මෙම ප්‍රකාශය කරන්නේ සුදත්ත තිලකසිරිගේ යූටියුබ් නාලිකාවේ සාකච්ඡාවකට එක් වෙමින්.

පළාත් පාලන ආයතන වලට අදාල මන්ත්‍රී කොට්ඨාශ වලින් වැඩිම ප්‍රමාණය ජයග්‍රහණය කරන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බවත් ප්‍රතිඵලය අනුව වැඩිම ඡන්ද සංඛ්‍යාව හිමිකර ගන්නේත් පොහොට්ටුව බවත් රාජ්‍ය අමාත්‍යවරයා පවසනවා. එම ඡන්ද සංඛ්‍යාව ලක්ෂ 35-40 අතර ප්‍රමාණයක් වනු ඇති බවයි ඔහු පවසන්නේ.

කෙසේ නමුත් විකෘති ඡන්ද ක්‍රමය නිසා ආරච්චිකට්ටුවේ සිදුවූ අයුරින් ජයග්‍රහණය කරන පළාත් පාලන ආයතන ගණනේ අඩුවක් දැකිය හැකිවනු ඇති බවත් ඔහු පවසනවා.


RECENT ARTICLES - SINHALA

රවී වෛද්‍යාලංකාරට කෝටියක ශරීර ඇප දෙකක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යාලංකාර මහතා ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙසට අද (15) අධිකරණය නියෝග කර තිබෙනවා. නිවාස ලබාදෙන බවට...

මියගිය කාන්තාවක් ජීවත් වන බවට ලිපියක් දුන් ග්‍රාම නිලධාරිට වැඩ වරදී

මියගොස් ඇති තැනැත්තියක් ජීවත්ව සිටි බව සදහන් කරමින් ලියවිල්ලක් නිකුත් කිරීමක් සම්බන්ධයෙන් ග්‍රාම නිළධාරීවරයෙක් කළුතර කොට්ඨාශ විශේෂ අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙසේ...

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

POPULAR ARTICLES

යුධ පිටියක් වු කටුගස්තොට

කටුගස්තොට නගරය ආසන්නයේ විවෘත කිරීමට නියමිතව තිබූ මත්ස්‍ය වෙළෙඳ සැළකට කඩා වැදුණු අවිගත් කණ්ඩායමක් ගොඩනැගිල්ලට සහ වාහන දෙකකට පහර දී දැඩි අලාභහානි සිදුකර තිබෙන...

කුලී කාමරවලට පනින්නත් දේශබන්දුගෙන් සුදානමක්

දිවයින පුරා ඇති නිවාස සහ කාමර කුලියට ගෙන පදිංචිව සිටින අය පිළිබඳව සොයා පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.නිවෙස් සහ කාමරවල...

නෙළුම් කුළුණෙන් පැන්න විදේශිකයෙක් වහලය උඩට වැටිලා

කොළඹ, නෙළුම් කුළුණේ බේස් පැනීමේ ඉසව්ව (Base Jump) අත්විඳිමින් සිටි විදේශිකයෙකු එම ඉසව්ව අතරතුර දී ඉන් ඇද වැටීමෙන් තුවාල ලබා තිබෙනවා. විදේශිකයාගේ පැරෂුටය විවෘත වීම...