පසුගියදා පැවති ‘දියමත විශේෂ මෙහෙයුමි බලඝනය’නම් වූ නවතම අනු ඒකකයක් ශ්‍රී ලංකා පොලීසියේ විශේෂ කාර්ය බලකාය වෙත එක් කිරීමේ උත්සවයේදී මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා මුව ආවරණයක් නොපැලඳ සිටින ආකාරය සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි කතාබහකට ලක්වුණා.
ඒ මහතාගේම සමාජ මාධ්‍ය ඒකකය විසින් නිකුත් කර තිබූ අදාළ ජායාරූපය විවේචනයට ලක්වීමත් සමඟ එය සරත් වීරසේකර මහතාගේ නිල ෆේස්බුක් පිටුවෙන් ඉවත්කිරීමට කටයුතු කර තිබුණා.
කෙසේ වෙතත් එම උත්සවයේදීම අමාත්‍ය සරත් වීරසේකර මහතා මුව ආවරණයක් පැළඳ සිටින ඡායාරූප යළිත් වරක් සරත් වීරසේකර සමාජ මාධ්‍ය ඒකකය විසින් පලකර තිබෙනවා.
ඒ කවියක්ද සමඟයි.



