32 C
Colombo
Monday, May 6, 2024

ආරක්ෂක කවුන්සිලයේ සභාපති ධුරය රුසියාවට

- Advertisement -

රුසියාවට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ සභාපති ධුරය හිමිව තිබෙනවා.

ඒ රුසියාවට සභාපති ධුරය ලබානොදෙන ලෙස යුක්‍රේනය එක්සත් ජාතීන්ට බල කරමින් සිටින පසුබිමක ය.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ සාමාජිකත්වය දරන රටවල් 15ට වරින් වර මාසයක කාලයක් සඳහා සභාපති ධුරය හිමි වන අතර රුසියාවට අවසන් වරට මෙහි සභාපති ධුරය හිමිවූ 2022 වසරේ පෙබරවාරි මාසයේදීයි.

යුද අපරාධ සිදුකරන බවට චෝදනා එල්ල වී ඇති රටකට මෙලෙස එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය මෙහෙයවීමට අවස්ථාව හිමිවීම පිළිබඳව ලෝකයේ දැඩි අවධානයක් යොමුවී තිබෙනවා.

ජාත්‍යන්තර අපරාධ අධිකරණය, මීට සති කිහිපයකට පෙර රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කර තිබෙන අතරම රුසියාවට සභාපති ධුරය ලබානොදෙන ලෙස යුක්‍රේනය එක්සත් ජාතීන්ට බල කරමින් සිටින පසුබිමක මෙම සභාපති ධූරය හිමි වීම ද සුවිශේෂී කරුණක් වනවා.

කෙසේ වුවද එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ නිෂේධ බලය හිමි නිත්‍ය සාමාජිකයෙකු වන රුසියාවට සභාපතිධුරය ලබා දීම සඳහා එම වරෙන්තුව බාධාවක් නොවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරන් අතර මේ සම්බන්ධයෙන් යුක්‍රේනයේ විදෙස් අමාත්‍යාංශය පවසා තිබෙන්නේ

රුසියාවට මෙලෙස සභාපතිධුරය ලබාදීම අප්‍රේල් පළමු වනදා සිදු කළ නරකම විහිළුව බවයි.

RECENT ARTICLES - SINHALA

ඊශ්‍රායලයේ Al Jazeera මෙහෙයුම් නවතා දමයි

කටාර් රාජ්‍යයට අයත් 'අල් ජසීරා' නාලිකාවේ මෙහෙයුම් ඊශ්‍රායලය තුළ නවතා දැමීමට ඊශ්‍රායලය අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඒ අනුව විදෙස් මාධ්‍ය...

VFS ආයතනය ඉන්දීය ආයතනයක් නෙවෙයි- ටිරාන් අලස්

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පරිශ්‍රයේ වීසා නිකුත් කිරීමේ ගැටලුව සම්බන්ධයෙන් මතභේදයට තුඩු දී ඇති VFS ආයතනය ඉන්දීය ආයතනයක් නොවන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන්...

අභිරහස් ලෙස මිය ගිය පුද්ගල මළ සිරුරක් හමුවෙයි

ආගරපතන පොලිස් වසමට අයත් ටොරින්ටන් වතුයායට ඉහලින් පිහිටි රක්ෂිතයක හදුනා නොගත් නිරුවත් පුද්ගල මළ සිරුරක් ඊයේ (05) හමුවු බව ආගරපතන පොලිසිය පවසනවා. එම රක්ෂිතයේ දැර...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...