31 C
Colombo
Wednesday, February 19, 2025

මල්වතුහිරිපිටියේදී වෙඩි වැදුණු සැරයන් මරුට

- Advertisement -

මල්වතුහිරිපිටිය පොලිස් වසමේ බටේපොළ ප්‍රදේශයේ දී සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා යාමේ දී වෙඩිවැදී රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටි පොලිස් සැරයන්වරයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මෙම පොලිස් නිලධාරියා ඊයේ (11) මියගොස් ඇති බවයි.

පසුගිය සෙනසුරාදා සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට යාමේ දී ඇති වු ගැටුම්කාරී තත්ත්වයක් නිසා අදාළ සැකකරු විසින් පොලිස් නිලධාරියාගේ ගිනිඅවිය උඳුරා ගැනීමට උත්සහ කළ අවස්ථාවේ ගිනිඅවිය ක්‍රියාත්මක වී පොලිස් නිලධාරියාට වෙඩි වැදී තිබෙනවා.

මෙම වෙඩි වැදිමත් සමඟ සැකකරු රාජකාරී ගිනිඅවියද රැගෙන පළා ගොස් තිබෙන බව පොලිසිය පවසනවා.

වෙඩි වැදීමෙන් තුවාල ලැබු පොලිස් නිලධාරියා ප්‍රතිකාර සඳහා ගම්පහ රෝහළට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබුණා.

එහිදී මෙම පොලිස් සැරයන්වරයා ජීවිතක්ෂයට පත්ව තිබෙන අතර ඔහු 51 හැවිරිදි ඉහළ ලුනුගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව සඳහන්.

මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් ලද තොරතුරක් මත සිදුකළ විමර්ශනයක දී සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු පොලිස් විශේෂ කාර්ය බළකාය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු බිංගිරිය ප්‍රදේශයේ නිවසක සැඟව සිටිය දී අත්අඩංගුවට ගෙන ඇති අතර එම නිවසේ තිබී පොලිස් සැරයන්වරයාට අයත් රිවෝල් වර්ගයේ ගිනිඅවිය, මිලිමීටර් 9 වර්ගයේ පතුරොම් 03ක් සහ සැකකරු පැමිණි ත්‍රීරෝද රථය පොලිස් විශේෂ කාර්ය බළකාය භාරයට ගෙන ඇති බව සඳහන්.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ සැකකරුට සැඟවී සිටීම සඳහා අධාරඅනුබල ලබා දුන් කාන්තාවක් ද අත්අඩංගුවට ගෙන ඇති බවයි.

සැකකරු 42 හැවිරිදි වතුරගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර සැකකාරිය 35 හැවිරිදි උඩුබද්දාව ප්‍රදේශයේ පදිංචිකාරිනියක් බව සඳහන්.

RECENT ARTICLES - SINHALA

මිද්දෙණිය වෙඩිතැබීම; තුවාල ලබා සිටි පිරිමි දරුවාත් මරුට

මිද්දෙණිය ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමෙන් බරපතළ තුවාල ලාබා රෝහල් ගතකළ සිටි මරණකරුගේ පිරිමි දරුවා මියගොස් තිබෙනවා. ඔහු ඇඹිලිපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද...

Breaking: උසාවිය තුළ වෙඩි කෑ ගණේමුල්ල සංජීව මරුට

මීට කෙටි වේලාවකට පෙර අලුත්කඩේ උසාවි සංකීර්ණය තුළ සිදුවූ වෙඩිතැබීමෙන් සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන සංජීව කුමාර සමරරත්න හෙවත් ගණේමුල්ල සංජීව නැමැත්තා ජීවිතක්ෂයට පත්ව...

Breaking: අලුත්කඩේ උසාවිය තුළ වෙඩිතැබීමක්

අලුත්කඩේ අධිකරණ සංකීර්ණ පරිශ්‍රයේ වෙඩි තැබීමක් සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග මහතා පවසනවා. අදාළ වෙඩි තැබීම අලුත්කඩේ අංක 5 අධිකරණ ශාලාව තුළ...

POPULAR ARTICLES

මිද්දෙණිය වෙඩිතැබීම; තුවාල ලබා සිටි පිරිමි දරුවාත් මරුට

මිද්දෙණිය ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමෙන් බරපතළ තුවාල ලාබා රෝහල් ගතකළ සිටි මරණකරුගේ පිරිමි දරුවා මියගොස් තිබෙනවා. ඔහු ඇඹිලිපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද...

2025 අයවැය යෝජනාවලට ලංකා වාණිජ මණ්ඩලයෙන් පැසසුම්

2025 අයවැය මඟින් ඉදිරිපත් කර ඇති යෝජනා ලංකා වාණිජ මණ්ඩලයෙහි නිර්දේශ, ශ්‍රී ලංකා ආර්ථික සමුළුවේ සිදු කළ සාකච්ඡා සහ '2030 Vision' ප්‍රතිපත්ති ප්‍රකාශනය සමඟ...