29 C
Colombo
Tuesday, May 21, 2024

සිරිපාලගේ රැස්වීම නීති විරෝධීයි – ශ්‍රී ලංකා නිදහස් පක්ෂය

- Advertisement -

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් නිදහස් පක්ෂයේ ජ්‍යේෂ්ඨයින් පිරිසක් එක්ව අද (08) දිනයේ පැවැත්වූ දේශපාලන මණ්ඩල රැස්වීම නීති විරෝධී බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාර්ථී දුශ්මන්ත මිත්‍රපාල මහතා පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් සාර්ථී දුශ්මන්ත මහත පෙන්වා දෙන්නේ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් මෙම රැස්වීම කැඳවා තිබූ බවයි.

 ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාවට අනුව දේශපාලන මණ්ඩලය කැඳවීමේ බලය හිමි වන්නේ පක්ෂයේ සභාපතිවරයා වන  හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට වන අතර ඔහුට එරෙහිව  දිසා අධිකරණයෙන් ලබාදී ඇති වාරණ නියෝගයට අනුව දැනට පක්ෂයේ සභාපතිවරයකු නොමැති බව මෙම නිවේදනයේ සඳහන්.

මෙම තත්වයට හමුවේ පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස කවුරුන් හෝ පත්කිරීමට එම තීරණය  අධිකරණ තීන්දුවකට අනුව සිදු කළ යුතු බව දුශ්මන්ත මිත්‍රපාල මහතා තවදුරටත් පෙන්වා දෙනවා.

එමෙන්ම, අද දිනයේ පැවති දේශපාලන මණ්ඩල රැස්වීමට පැමිණ සිටි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග ඇතුළු බොහෝ දෙනෙකු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයින් බවද මෙම නිවේදනයේ සඳහන්.

නිදහස් පක්ෂයේ වැඩ බලන මහ ලේකම්වරයා තවදුරටත් පෙන්වා දෙන්නේ ඒ අනුව මෙම නීති විරෝධී ක්‍රියාවට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා අතරම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය,  නීතිමය රාමුවට අනුකූලව අදාළ අධිකරණ නියෝග අනුව කටයුතු කරනු ඇති බවයි.


RECENT ARTICLES - SINHALA

සාපෙළ ලියද්දී අසාධාරණයට ලක්වූ සිසුන් පිරිසක් මානව හිමිකම් කොමිසම හමුවට

මිනුවන්ගොඩ අල් අමාන් මුස්ලිම් මහා විද්‍යාලයේදී සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අතරතුර අසාධාරණයකට ලක් වූ සිසුන් පිරිසක් අද (20) ප්‍රකාශ ලබාදීම සඳහා මානව හිමිකම්...

කළුතර වෙඩි තැබිමක්

කළුතර, කටුකුරුන්ද දුම්රිය පාර ප්‍රදේශයේදී සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් එම වෙඩිතැබීම සිදුකර තිබෙන බව පොලිසිය පවසනවා. ටී-56 ගිනිඅවියකින් නිවස තුළ...

හෙට ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ

ශ්‍රී ලංකා රජය විසින් හෙට (21) ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ සඳහන් කළේ ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසිගේ අභාවය වෙනුවෙන් එම තීරණය...

POPULAR ARTICLES

ඩයනා අතුරුදන්

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර, විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සම්බන්ධ නඩුවේ සැකකාරියක් වශයෙන් හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ නම් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන්...

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...

ඉරාන ජනපති තවමත් අතුරුදහන්. හෙලිකොප්ටරයේ සුන්බුන් බවට සැක කෙරෙන තාප ප්‍රභවයක් හඳුනාගෙන

Update:ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි ගමන් ගත් හෙලිකොප්ටර් යානය කඩා වැටුණු ස්ථානය ගවේෂණ කණ්ඩායම් විසින් සොයාගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ තවත් නොබෝ වෙලාවකින් එම කණ්ඩායම...