27 C
Colombo
Friday, May 10, 2024

NBQSA 2021 ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සම්මාන උළෙලේදී SLIIT සම්මාන රැසක් දිනාගනියි

- Advertisement -

SLIIT, පරිගණක පීඨයේ සිසුන් NBQSA 2021 ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සම්මාන උළෙලේදී සම්මාන කිහිපයක් දිනා ගනිමින් ඔවුන්ගේ සුවිශේෂී වූ කුසලතාවයන් එළිදක්වන ලදී.

ශ්‍රී ලාංකේය තොරතුරු තාක්ෂණයේ (IT)උන්නතිය වෙනුවෙන් NBQSA සම්මාන උළෙල, පසුගිය දශක දෙකක කාලය තුළදී BCS වරලත් ආයතනය විසින් සංවිධානය කර ඇත. දේශීය මෘදුකාංග කර්මාන්තය සඳහා රටේ දීර්ඝතම ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ (ICT) සම්මාන උළෙල ලෙස පිළිගැනෙන මෙම සම්මාන ප්‍රධානොත්සවය මඟින් ජාතියේ ප්‍රයෝජනය සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයේ මුල පිරීම්, නවෝත්පාදන සහ සේවාවන් සඳහා දායක වූ පුද්ගලයින්, සිසුන්, ව්‍යවසායකයින්, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සහ සංවිධානවල විශිෂ්ඨ වූ ජයග්‍රහණයන් ඇගයීමට ලක් කරනු ලබයි.

SLIIT පරිගණක පීඨයේ අවසන් වසරේ උපාධි පර්යේෂණ ව්‍යාපෘති තෝරාගෙන NBQSA ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සම්මාන සඳහා ඉදිරිපත් කරනු ලැබේ. 2021 වසරේදී සිසුන් ව්‍යාපෘති 260 කට අධික ප්‍රමාණයක් සම්පූර්ණ කරනු ලැබූ අතර ඉන් හොඳම ව්‍යාපෘති 21ක් තරඟය සඳහා තෝරා ගන්නා ලදී. වසර ගණනාවක් පුරා SLIIT හි සිසුන්ගේ පර්යේෂණ ව්‍යාපෘති ඉහළම මට්ටමේ අධ්‍යයන ගුණාත්මක භාවයක් පවත්වා ගනිමින් කර්මාන්ත සහ සමාජයීය අවශ්‍යතා සපුරාලීමට ඇති හැකියාව පිළිබඳව ඇගයීමට ලක්ව ඇත.

SLIIT වෙත කීර්තියක් ගෙන දෙමින් ජාතික ආපදා (ශිෂ්‍ය කාණ්ඩය) සඳහා හොඳම විසඳුම ලෙස Coco-Remady ව්‍යාපෘතිය සම්මානයට පාත්‍ර විය. ආචාර්ය ජානක විජේකෝන් විසින් ව්‍යාපෘතිය අධීක්ෂණය කරනු ලැබූ අතර, එහි සම අධීක්‍ෂණය ඩිලානි ලුණුගලගේ මෙනවිය විසින් ද, බාහිර අධීක්‍ෂණය ශ්‍රී ලංකා පොල් පර්යේෂණ ආයතනයේ ආචාර්ය නයනි අරච්චිගේ විසින් ද සිදු කරන ලදී. සමිතා විදානආරච්චි, ඥානෝදා චතුරමධු අකලංක, තිනාලි ගුණසේකර සහ දිව්‍යානි රාජපක්ෂ යන අය ජයග්‍රාහී කණ්ඩායමට තේරී පත්වූහ.

තෘතියික ව්‍යාපාර අංශය යටතේ LandVal ව්‍යාපෘතිය ලෝකඩ පදක්කම දිනා ගත්තේය. එහි අධීක්ෂණය ආචාර්ය දසුනි නාවින්න, සම අධීක්‍ෂක නර්මදා ගමගේ මෙනවිය විසින් සිදු කරනු ලැබුවාය. කණ්ඩායම් සාමාජිකයින් ලෙස ඉමල් කුමාරගේ, තනුජා චාමික නුවංග වීරකේෂර සහ හේෂාන් රත්නපාල යන මහත්ම මහත්මීන් ඊට ඇතුළත් විය.

තෘතියික ව්‍යාපාර අංශය යටතේ Agent Hunt ව්‍යාපෘතිය කුසලතා සම්මාන කිහිපයක් ද දිනා ගන්නා ලදී. අමිල නුවන් සේනාරත්න මහතා සමඟ සම අධීක්‍ෂකවරයා ලෙස තරිඳු ධර්මසේන එම ව්‍යාපෘතිය අධීක්ෂණය කරන ලදී. කණ්ඩායමට චාමින් ඇන්ඩ්‍රිසන්, තිළිණ ධර්මකීර්ති, යසිරු උමේෂා විජේසිරිවර්ධන සහ කසුන් අතුකෝරල යන මහත්ම මහත්මීන් ඇතුළත් වූහ.

Lumoz ව්‍යාපෘතිය තෘතීයික ව්‍යාපාර කාණ්ඩයේ කුසලතා දිනා ගත්තේය. ආචාර්ය ශ්‍යාම් රේයල් විසින් එය අධීක්ෂණය කරන ලදී. සම අධීක්ෂක තුසිතාංජන තිලකරත්න විසින් සිදු කරනු ලැබීය. කණ්ඩායම් සාමාජිකයින් ලෙස පුබුදු අරෝෂ, විහඟ නිවර්තන, බවන්ත තිලාන් සහ ජයනි ගන්කන්ද ඊට ඇතුළත් වූහ.

නැණ ශිල්ප ව්‍යාපෘතිය තෘතීයික තාක්ෂණ අංශය යටතේ කුසලතා ද දිනා ගනු ලැබීය. අධීක්‍ෂණය මහාචාර්ය සමන්ත තෙලිජ්ජගොඩ, සම අධීක්‍ෂක ජෙනී ක්‍රිෂාරා මෙනවිය සහ බාහිර අධීක්‍ෂණය ආචාර්ය ඩබ්ලිව්.එම්.කේ. වනිගසිංහ යන මහත්වරුන් විසින් සිදු කරනු ලැබූහ. චමිල් දිලුක්ෂ,කල්පනී අබේසිංහ, පමෝධ්‍යා මහේෂානි සහ ප්‍රභාත් ශාලිත යන අය එහි කණ්ඩායම් සාමාජිකයන් වශයෙන් කටයුතු කළේය.

SLIIT හි මෙම ජයග්‍රහණ පිළිබඳව අදහස් දක්වමින් පරිගණක පීඨයේ සහකාර මහාචාර්ය ආචාර්ය ජානක විජේකෝන් මහතා මෙසේ අදහස් පැවසීය. ”NBQSA සම්මාන අපගේ සිසුන් අපේක්ෂා කළ උත්සවයක්. ඔවුන්ගේ ඉලක්ක අතරට එම සම්මාන ප්‍රධානය අයත් වෙනවා. ඔවුන් තෝරාගත් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රය තුළ විශිෂ්ඨතා දැක්වීමට එය පෙළඹවීමක් සපයන බවට අපි තරයේ විශ්වාස කරනවා. මේ වසරේ පොල් කර්මාන්තය සඳහා, ස්වභාවික විපත් සඳහා හොඳම විසඳුම සහ මාධ්‍යවේදීන්ට සහාය වීම පිණිස බුද්ධිමත් සංස්කරණ සඳහා මෘදුකාංගයක් නිර්මාණය කිරීම වෙනුවෙන් කුසලතා සම්මාන වැනි අද්විතීය වූ ජයග්‍රාහී ඇතුළත් කිරීම් අප සතුව පවතිනවා. මෙම සම්මාන දිනා ගැනීම තුළින් අපගේ සිසුන්ට ගෞරවයක් හිමි වන අතරම එය කර්මාන්ත හා සමාජය තුළ සෘජු බලපෑමක් ඇති කරමින් ව්‍යාපාරික තීක්ෂ්ණ බුද්ධිය තුළින් අභියෝගවලට විසඳුම් සොයන පර්යේෂකයන්ගේද අවධානයට ලක් කරයි.”

පරිගණක පීඨයේ පීඨාධිපති මහාචාර්ය චන්දිමාල් ජයවර්ධන මහතා සිය අදහස් මෙසේ සඳහන් කළේය. ” NBQSA අනාගත වෘත්තීය ජයග්‍රාහකයින් සමඟ මෘදුකාංග ක්ෂේත්‍රය තුළ විශිෂ්ඨවූ දක්ෂතා එළිදැක්වීමට හැකි වේදිකාවක් ලෙස මෙය පිළිගෙන ඇත. මෙම වසරේද අපගේ සිසුන් නවෝත්පාදන සහ තාක්‍ෂණය යොදා ගනිමින් ඔවුන්ගේ උත්සාහයන්හි විශිෂ්ඨතා දැක්වීම ගැන මම සතුටු වෙනවා. මෙම වසරේ SLIIT ජයග්‍රාහකයින් ශ්‍රී ලංකාව තුළ සමෘද්ධිමත් නවෝත්පාදන සහ තාක්‍ෂණික පරිසරයක් නිර්මාණය කිරීමේ අධිෂ්ඨානය ඇතිව අපගේ තරුණ තරුණියන්ට ආදර්ශයක් ලබා දෙනු ඇත.”

RECENT ARTICLES - SINHALA

විදුලි සංදේශ නියාමන පනත වසර විසිඅටකට පසු සංශෝධනයට

වසර 28කට පසුව විදුලි සංදේශ නියාමන පනත සංශෝධනය කිරීම සඳහා වන සංශෝධිත පනත් කෙටුම්පත හෙට (10) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව තාක්ෂණ රාජ්‍ය...

සජබ ලියාපදිංචි කලේ මංගල

සමගි ජන බලවේගය ලියාපදිංචි කළේ මංගල සමරවීර මහතා බව මාතර ඇමතිවරයකු වන කංචන විජේසේකර මහතා එය නොදැන සිටීම පුදුමයට කාරණයක් බව කොළඹ දිස්ත්‍රික් සජබ...

සිංහල අවුරුද්දේ මද්‍යසාර භාවිතයේ අඩුවක්

මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සව සමයේ මද්‍යසාර භාවිතයේ පැහැදිලි අඩුවක් දක්නට ලැබෙන බව මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පවසනවා. පසුගිය සිංහල හා දෙමළ...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

හෙද සේවය ඇතුළු සෞඛ්‍ය සේවාවල විශ්‍රාම වයස් සීමාවේ වෙනසක්

හෙද කාර්ය මණ්ඩලයේ ඇතුළු ඇතැම් සෞඛ්‍ය සේවාවල විශ්‍රාම යාමේ වයස අවුරුදු 61 දක්වා දිර්ඝ කරන ලෙස ඉල්ලා අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව...

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වන දිනය ගැන දැනුම්දීමක්

අද ඇරඹුණු අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල සැප්තැම්බර් මාසය වනවිට ලබාදීමට බලාපොරොත්තු වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා. විභාග...