28 C
Colombo
Saturday, May 4, 2024

පොහොට්ටු මන්ත්‍රීවරයා වෙඩි තබාගෙන නොව පහරදී මරාදමා ඇති බව හෙළිවෙයි

- Advertisement -

අභාවප්‍රාප්ත පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතාගේ මරණය සම්බන්ධයෙන් සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණ වී ඇත්තේ මන්ත්‍රීවරයා පහරදීමකින් තුවාල ලබා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

පසුගිය සඳුදා දිවයින පුරා ඇති වූ නොසන්සුන්තාව අතරතුර නිට්ටඹුවේදී මහජනතාවට වෙඩි තැබීමෙන් පසු මන්ත්‍රීවරයා ගොඩනැගිල්ලක තුළට ගොස් සැඟවී සිට තිබෙනවා.

පසුව වාර්තා වූයේ මහජනතාව ගොඩනැගිල්ල වටලා සිටීම නිසා ඔහු තමාගේම ගිනි අවියක් භාවිතා කර සියදිවි හානිකරගෙන ඇති බවයි.

කෙසේවෙතත් අමරකීර්ති අතුකෝරළ මහතාගේ මරණය සම්බන්ධයෙන් වතුපිටිවල රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් පවත්වන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේදී ඔහු පහරදීමකින් තුවාල ලබා මියගොස් ඇති බව අනාවරණය වී තිබෙනවා.

අභාවප්‍රාප්ත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට පහරදීම හේතුවෙන් බරපතල තුවාල රැසක් සිදුව ඇති බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ.

“මන්ත්‍රීවරයාගේ මරණය බහුවිධ තුවාල, අස්ථි බිඳීම් සහ අභ්‍යන්තර රුධිර වහනය හේතුවෙන් සිදුවූවක් නමුත් ඔහුට වෙඩි වැදී තුවාලයක් නොතිබුණි” යනුවෙන් පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් වනවා.

පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙන්නේ සිද්ධිය වන අවස්ථාවේ ඔහු සමඟ සිටි මන්ත්‍රීවරයාගේ ආරක්ෂක නිලධාරියා වෙඩි වැදීමකින් මිය ගොස් ඇති අතර ඔහුගේ සිරුරේ වෙඩි උණ්ඩයක් හමුවී ඇති බවයි.

ආරක්ෂක නිලධාරියාට ද දරුණු ලෙස පහර දී බරපතළ තුවාල ලබා මොළයේ ලේ ගැලීමක් සිදු වී ඇති බව ද වාර්තාවෙන් අනාවරණය වී තිබෙනවා.


RECENT ARTICLES - SINHALA

ලංකාවට තවත් පදක්කම් දෙකක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ දී...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...