29 C
Colombo
Wednesday, March 29, 2023

SLT එකෙන් Kaspersky වෛරස්ගාඩ් එකක් දිනාගන්න

- Advertisement -

එස්එල්ටී එකත්, Kaspersky එකත් “Internet Security Week” කියලා ප්‍රචාරක කැම්පේන් එකක් පටන් අරගෙන. ඒකේ අරමුණ ඉන්ටනෙට් සෙකියුරිටි ගැන මිනිස්සුන්ට අවබෝධය දෙන්න.

ලෝකයේ ලොකුම ඉන්ටනේට් සෙකියුටිරි සොෆ්ට්වෙයා එකක් වන කැස්පර්ස්කයිවලට කැමති අයට මේක චාන්ස් එකක්. ඇත්තටම මිලියන ගාණක් ඉන්ටනෙට් එකට යොමු වෙද්දී, කැස්පර්ස්කයි වගේ සමාගම් අපේ රටවල ප්‍රචාරක කටයුතු කරන එකත් යහපත්. මිනිස්සුන්ට ඉන්ටනෙට් සෙකියුරිටි ගැන තේරුම් කරලා දෙන්න සුදුසු ඒ වගේ කම්පැණි තමයි. පහළ තියෙන්නේ එයාලාගේ කැම්පේන් එකේ සටහනක්.

‘ඔබේ පරිගණකයේ දෘඩාංග ආරක්ෂාව සඳහා Device security” ආරක්ෂිත අන්තර්ජාල බැංකු ගනුදෙනු හා අන්තර්ජාල මිලදීගැනීම්, දත්ත සොරාගැනීම වළක්වන password management” දරුවන්ගේ අන්තර්ජාල ක‍්‍රියාකාරකම් පාලනය සඳහා වන parental control වැනි විශේෂාංග රැසක් කැස්පර්ස්කයිහි අන්තර්ගතය.

2020 දෙසැම්බර් 31 වැනිදා දක්වා පැවැත්වෙන “SLT Internet Security Week” මෙම ප‍්‍රවර්ධන කාල සීමාව තුලදී වසරක් සඳහා හෝ මාසික යාවත්කාල කිරිමේ පදනමට SLT වෙතින් මිලදීගත් සෑම Kaspersky මෘදුකාංගයක්ම මෙම දිනුම් ඇදීමට ඇතුලත්වන අතර දිනුම් ඇදීම 2021 ජනවාරි මස 31 වැනිදා පවත්වනු ලැබේ. ජයග‍්‍රාහකයන්ට අගනා ස්මාර්ට් ජංගම දුරකතනයක්, TeDiSmart Robot Vacuum Cleaner, TeDiSmart Indoor Cameras 5ක් සහ Silicon Power Hard Disks 3ක් පිරිනැමේ.

වත්මන් SLT බ්‍රෝඞ්බෑන්ඞ් පාරිභෝගිකයන්ට මෙන්ම නව පාරිභෝගිකයන්ටද මෙම Kaspersky  සේවාව ලබාගත හැකි අතර SLT සේවා අතර Value Added Servic එකක් ලෙසද මෙය ලබාගත හැකිය. MySLT App, internetvas.slt.lk වෙබ් අඩවියෙන් හෝ 1212 ඔස්සේ පාරිභෝගික සේවා අංශය ඇමතීමෙන් මාසික දායකත්වයන් අඩුම මිලකට මාසික SLT බිල්පතට එක් කරගත හැකිය. මාසික දායකත්වයන් යටතේ Kaspersky මෘදුකාංග මිලදීගත් SLT බ්‍රෝඞ්බෑන්ඞ් පාරිභෝගිකයන් Kaspersky VAS solution සක‍්‍රීය කිරීමේදී දින 30 ක නොමිලේ සේවා කාලයක් හිමිකරගත හැකිය.

SLT හා SLT නොවන පාරිභෝගිකයන්ට SLT වෙබ් අඩවියේ e-teleshop සේවා අංශය වන www.slt.lk/en/e-teleshop වෙත පිවිසීමෙන් Kaspersky වාර්ෂික දායකත්වය ලබාගත හැකිය.

තොරතුරු සන්නිවේදනය, දැනුම, විනෝදය සඳහා වර්තමානයේ අත්‍යවශ්‍ය සාධකයක්ව පවතින අන්තර්ජාලයේදී ශ්‍රී ලාංකිකයන් වඩාත් සුරක්ෂිත කිරීමේ SLT ජාතික මෙහෙවරේ තවත් එක් පියවරක් ලෙස මෙම ප‍්‍රවර්ධන වැඩසටහන ක‍්‍රියාත්මක වේ.’

RECENT ARTICLES - SINHALA

DNA වාර්තා සාරා ජස්මින් මියගිය බව තහවුරු කරයි

පාස්කු දින ප්‍රහාර සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටියදී 2019 වසරේ අප්‍රේල් මස 26 වැනිදා සයින්දමරුදු ප්‍රදේශයේ නිවසකදී මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරුවා හැරීමෙන්...

ජාතික රූපවාහිනියත් විකුණන්න යයි

ශ්‍රී ලංකා රුපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් අසංග ජයලත් විසින් සේවකයන් වෙත ස්වේච්ඡාවෙන් සේවයෙන් ඉවත් වන්නේ නම් ඒ සඳහා අදාළ අයදුම්පත් ඉදිරිපත් කරන...

මුදල් අමාත්‍යාංශ ලේකම්ට එරෙහි පෙත්සම් දෙකක් හෙට කැඳවයි.

මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාට එරෙහිව ගොනු කළ පෙත්සම් දෙකක් හෙට (30) අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මළල්ගොඩ...

RECENT ARTICLES - ENGLISH

Breaking: Fuel prices reduced

0
The price of a litre of Octane 92 Petrol is reduced by Rs 60 from midnight today. Litre of...

Sangeeth Nipun Sanath Nandasiri passed away

0
Sangeeth Nipun Sanath Nandasiri who was ill for a prolonged period, passed away at his residence today (28) at age of 81.

MR predicts LG Election date

0
Former PM Mahinda Rajapaksa today said Local Government Election 2023 will be held before December this year. Speaking to...