25.3 C
Colombo
Monday, March 4, 2024

සනත් ජයසූරියට කොවිඩ් වැක්සීනය ලබාදුන්නේ කෙසේදැයි සමාජ මාධ්‍ය කැළඹෙයි

- Advertisement -

හිටපු ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩක මෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් ජයසූරිය මහතා හට කොවිඩ් වැක්සීනය ලබාදුන් බවට දැක්වෙන ඡායාරූපයක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වනවා.

මේ පිළිබදව Facebook හා Twitter සමාජ මාධ්‍ය තුළ කතාබහක් ඇතිව ඇති අතර ඉන් ප්‍රශ්න කර ඇත්තේ සනත් ජයසූරිය හට කොවිඩ් වැක්සීනය ලබාදුන්නේ කවර පදනමක් යටතේද යන්නයි.

ඇ.තැමෙක් එහිදී සදහන් කර ඇත්තේ පළමු කොවිඩ් රැල්ල හේතුවෙන් ගුවන්තොටුපල වසාදමා තිබියදී ආණ්ඩුවේ ඉහළ සබදතා ඇති පුද්ගලයන් කෙසේ හෝ මෙරටට පැමිණි බවයි.

එමෙන්ම ඒසේ මෙරටට පැමිණි පුද්ගලයන් ඇතැමෙක් ආරක්ෂක අංශ ඉහළ නිලධාරීන් සමග ඇති සබදතා හේතුවෙන් නිරෝධායනයෙන් තොරවම ගුවන්තොටුපලෙන් පිටව ගිය ආකාරයද ඇතැමෙක් සිහිපත් කර තිබුණා.

කොවිඩ් වැක්සීනය ඉන්දියාවෙන් නොමිලයේ ලැබුණ පරිත්‍යාගයක් වන අතර තවමත් එය මෙරට ජනතාවගෙන් මිලියනයකට හෝ එන්නත් කර නොමැති පරිසරයකදී මෙවැනි පුවත් වාර්තාවීම කණගාටුවට කරුණක්.


RECENT ARTICLES - SINHALA

ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිද්ධිය ගැන විශේෂ සාකච්ඡාවක්

බස්නාහිර හා සබරගමුව පළාත්වල වාර විභාග ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිද්ධිය සම්බන්ධයෙන් අද (04) විශේෂ සාකච්ඡාවක් පැවැත්වනු ලබනවා. ඒ, අදාළ පළාත්වල අධ්‍යාපන බලධාරීන්ගේ සහභාගීත්වයෙන්. ප්‍රශ්න...

මේක නාමල්ගෙ වෙලාව නෙමෙයි-රණතුංග මහතා

පොහොට්ටුව ජනාධිපතිවරණයට අපේක්ෂකයකු ඉදිරිපත් කරන්නේ නම් ඔහු වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට වඩා අති දක්ෂයකු විය යුතු බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග...

රියදුරු බලපත්‍ර ගන්න අයට දැනුම්දීමක්

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සපයන සේවාවන් සඳහා ස්වයංක්‍රීය දුරකථන පද්ධතියක් යටතේ සහ වෙබ් අඩවිය වෙත පිවිස සිය අවශ්‍යතා සපුරාගැනීමට අද (04) සිට මහජනතාවට අවස්ථාව...

POPULAR ARTICLES

මාර්තු ඉන්ධන මිල ගණන් මෙන්න

මාර්තු මාසය තුළ පවතින ඉන්ධන මිල ගණන් සංශෝධනයකින් තොරව පවත්වාගෙන යාමට රජය තීරණය කර තිබෙනවා. මාසික ඉන්ධන මිල සංශෝධනයට අනුව ඊයේ (29) මධ්‍යම රාත්‍රීයේ...

විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

2024 වර්ෂය තුළ පැවැත්වීමට නියමිත පාසල් විභාග හා ඒවා පැවැත්වෙන දිනයන් විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව 2023 වර්ෂයට අදාළව පැවැත්වීමට නියමිතව තිබූ...

අද ඩොලරය

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද තවදුරටත් ශක්තිමත් වී තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (01) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට...