29.4 C
Colombo
Friday, April 26, 2024

රටේ ගැටළු වලට බැසිල්ගෙන් විසඳුම් ළඟදීම

- Advertisement -

රටේ ප්‍රධාන ගැටලු කිහිපයකට ඉදිරි දිනවලදි විසඳුම් ලැබෙනු ඇති බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසනවා.

ඒ, බණ්ඩාරගම ප්‍රදේශයේ වෛද්‍ය උපකරණ නිපදවීම සඳහා මෙරට ස්ථාපිත කරන ලද පළමු කර්මාන්ත ශාලාව විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්.

රටේ ගැටළු විසඳීම සඳහා රජය විසින් නිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

“අපිට මේ අවස්ථාවේ දී ගැටලුවක් වී තිබෙන විදේශ විනිමය ඉපැයිමේ ප්‍රධාන ආයතනයක් බවට මෙය පත්වෙනවා. මොකද මේ වෛද්‍ය උපකරණ බොහෝමයක් සියයට 90ක් පමණ අපනයනය සඳහා නිෂ්පාදනය කරන ඒවා විශාල විදේශ විනිමයක් අපිට උපයා දෙනවා. තරුණ තරුණියන්ගේ රැකියා ප්‍රශ්නයටත් යම් ආකාරයකට උදව් වෙනවා. 

මේ මාසයේ 25 වනදා තොරතුරු තාක්ෂණය පිළිබඳ ලෝකයේ තියෙන ප්‍රධානතම ආයතනයක් මේ රටේ ආරම්භ කරනවා. ඔවුන්ගේ ක්‍රියාවලිය තුළින් ශ්‍රී ලාංකීක තරුණයින් 2,000කට ක්ෂණිකව රැකියා සැපයීමට හැකියාව තිබෙනවා. ඒ අනුව අපි බලාපොරොත්තු වෙනවා අපිට මේ අවස්ථාවේ දී මුහුණපාලා තියෙන ප්‍රධාන ප්‍රශ්න කිහිපයකට ඉදිරි කාලයේ දී ඉතාම සාධනීය විසඳුමක් දෙන්න.”

RECENT ARTICLES - SINHALA

මෛත්‍රීගේ පාස්කු මහමොළකරු කතාවට ටිරාන්ගෙන් උත්තර

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාස්කු ඉරු දින ප්‍රහාරයට මේ රටේ පුරවැසියකු ගැන හෝ මේ රටේ පුරවැසියෙකුගේ සම්බන්ධතාවක් ගැන හෝ කිසිදු තොරතුරු හෙළි කර...

නව පත්කිරීම් කිහිපයකට අනුමැතිය

නව තානාපතිවරයෙක්, අමාත්‍යාංශ ලේකම්වරයෙක් සහ ආයතන සභාපතිවරයන් දෙදෙනෙක් පත් කිරීම සඳහා පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබා දී තිබෙනවා. ඒ අනුව...

අයිස් සමග හසුවූ ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනා තවදුරටත් රිමාන්ඩ්

මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකපිට අත්අඩංගුවට ගත් නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සැකකරුන් හතර දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (26)...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...