26 C
Colombo
Wednesday, May 22, 2024

ජනපති ලේකම්ගෙන් විශේෂ නියෝගයක්

- Advertisement -

පාර්ලිමේන්තු කමිටු රැස්වීම් සඳහා කැඳවූ විට අමාත්‍යාංශ ලේකම්වරු ඊට සහභාගී විය යුතු බව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා නිල වශයෙන් සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්ට ලිපියක් නිකුත් කරමින් දැනුම් දී තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය කියා සිටියේ ජනාධිපති ලේකම්වරයාගේ ලිපියේ පිටපත් කථානායකවරයාට සහ පාර්ලිමේන්තු මහලේකම්වරියට යොමු කර ඇති බවයි.

නිකුත් කළ මෙම ලිපියට අනුව පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවැත්වෙන රැස්වීමක් සඳහා විපක්ෂ නායකවරයා රාජ්‍ය නිලධාරීන් කැඳවන්නේ නම් ඒ සම්බන්ධව විෂය භාර අමාත්‍යවරයාව ලිඛිතව දැනුවත් කළ යුතු බවයි.

ඊට අමතරව පාර්ලිමේන්තුවේ ඕනෑම කාරක සභාවක රැස්වීම්වලට සහභාගී වන නිලධාරීන් සාකච්ඡාවකට භාජනය වන විෂයන් පිළිබඳව දැනුමෙන් සන්නද්ධ විය යුතු වනවා.

කාරක සභාව විසින් ඉල්ලා සිටින විට තොරතුරු සැපයීමට සූදානම් විය යුතු බව ද එහි සඳහන්ව තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ඩයනට එරෙහිව තවත් නඩුවක්

අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් හිටපු රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මියට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. වැලිගම නගර සභාවේ හිටපු සභාපති රෙහාන් ජයවික්‍රම...

නිවාස වල උරුමකරුවන්ටත් ඔප්පු

අඩු ආදායම්ලාභී පවුල් 50,000කට හිමිකම් ඔප්පු ලබා දීමේ වැඩපිළිවෙල යටතේ නිවාස වල පූර්ණ අයිතිය පැවරීමේ දී මුල් ප්‍රතිලාභියා මරණයට පත්ව ඇත්නම් දැනට නිවසේ පදිංචි...

වෙඩි තැබීමකින් අයෙක් රෝහලේ

පදවිය ඕමාරකඩ ප්‍රදේශයේ දී සිදුවූ වෙඩි තැබීමකින් පාදයට බරපතල තුවාල සිදුවූ පුද්ගලයකු අනුරාධපුර ශික්‍ෂණ රෝහලට ඇතුලත් කර තිබෙනවා. මෙලෙස වෙඩි වැදීමෙන් තුවාල ලබා ඇත්තේ පදවිය,...

POPULAR ARTICLES

ඩයනා අතුරුදන්

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර, විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සම්බන්ධ නඩුවේ සැකකාරියක් වශයෙන් හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ නම් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන්...

ඉන්දියාවෙන් ලංකාවට එන අලුත්ම පෙට්‍රල් වර්ගය

Indian Oil සමාගම ඉතිහාසයේ පළමු වරට ඔක්ටේන් 100 සුපිරි වර්ගයේ පෙට්‍රල් තොගයක් ශ්‍රී ලංකාවට අපනයනය කර ඇති බවට වාර්තා වනවා. පසුගිය මැයි 18 වනදා මුම්බායේ...

ඩොලරයේ වෙනසක්

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (20) නිකුත් කරන ලද මුදල් විනිමය අනුපාත වාර්තාවට අනුව පසුගිය සතියට සාපේක්ෂව අද දින ඩොලරයේ ගැනුම් සහ විකුණුම්...