රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් 5 එන්නත ශ්‍රී ලංකාවට ගෙන්වාගැනීම පිළිබඳ රුසියානු තානාපති යුරි මටෙරි සමඟ තමා සාකච්ඡා කළ බව ඖෂධ නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන ඩේලි මිරර් වෙත කියා ඇත.
එහිදී රුසියාව පූර්ණ සහයෝගය ලබාදීමට එකඟ වූ බව ඔහු කියා තිබේ.
මේ වන විට රුසියාවේ ස්පුට්නික් 5 එන්නත, රුසියාව සමඟ එක්ව ඉන්දියාවේ ඩොක්ටර් රෙඞ්ඩි නම් ආයතනයේදී නිෂ්පාදනය කිරීමට සැලසුම් කර ඇත.
එන්නත් ලියාපදිංචිය වෙනුවෙන් විවෘත ආකල්පයක රජය සිටින බව ඔහු වැඩිදුරටත් කියා ඇත. ජාතික ඖෂධ නියාමන අධිකාරිය කොවිඞ්-19 එන්නත් ලියාපදිංචිය සඳහා සූදානම් වෙමින් සිටින බවද ප්‍රකාශ කර ඇත.
ප්ෆයිසර් සහ මොඬේනා සමාගම්වල ලාංකික නියෝජිතයන් ලෙස කටයුතු කරන සමාගම්වලට, එම සමාගම්වල එන්නත ලංකාවේ අනුමැතියට ලක් කළ හැකි බව දැනුම් දී ඇතැයි ඇමතිවරයා ප්‍රකාශ කර තිබේ.
ස්පුට්නික්-5 එන්නත ගේන්න කතාකළා- චන්න ජයසුමන

- Advertisement -
RECENT ARTICLES - SINHALA
පාසලක හිමිනමක් දරුවෙකුට රෝහල්ගත වෙන්න ගහලා
මිද්දෙණිය ප්‍රදේශයේ පාසලක ගුරු හිමිනමක් විසින් දරුවෙකුට කළ පහරදීමක් නිසා දරුවා රෝහල්ගත කර තිබෙනවා.
දරුවාගේ මව පවසන්නේ මෙයට පෙරද අවස්ථා කිහිපයක් මෙලෙස පහරදුන් බවයි.
දඬුවම් කිරීම...
රාජ්‍ය බැංකු දෙකකට බිලියන 80ක පොල්ලක්
මෙරට ප්‍රධාන රාජ්‍ය බැංකු දෙකකින් ණය ලබාගත් ඉහළ පෙළේ ව්‍යාපාරික ගනුදෙනුකරුවන් දහ දෙනෙක් රුපියල් බිලියන 80ක ණය පැහැර හැර තිබෙන බව ලංකා බැංකු සේවක...
දේශබන්දු ඉවත්කිරීමට රනිල්ගෙන් අලුත් සැලසුමක්
අලුතෙන් පොලිස් කොමසාරිස් ජනරාල් ධූරයක් ස්ථාපිත කොට ඒ සඳහා හිටපු පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා පත්කිරීමට ජනාධිපති කාර්යාලය සැලසුම් කරමින් සිටින බවට තොරතුරු වාර්තා වනවා.
ජනාධිපතිවරයා...
POPULAR ARTICLES
සා.පෙළ විභාගයේ ප්‍රතිඵල ගැන අධ්‍යාපන ඇමතිගෙන් විශේෂ අනාවරණයක්
මෙවර 2022 අ.පො.ස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මත මෙවර සිසුන් දෙලක්ෂ නමදාස් හත්සිය හැට එකක් උසස් පෙළ සඳහා සුදුසුකම් ලබා තිබෙනවා.
එය 72.07% ප්‍රතිශතයක් බවයි සඳහන්...
සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ගැන නිවේදනයක්
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වනවිට නිකුත් කර තිබෙනවා.
විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන https://www.doenets.lk සහ www.results.exams.gov.lk වෙත පිවිස ප්‍රතිඵල ලබා...
සුරාසැල් විවෘතව තබන වේලාවේ වෙනසක්
සුරාසැල් විවෘතව තබන වේලාවන්වල වෙනසක් සිදු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා
අද (01) දින සුරාබදු පරීක්ෂකවරුන්ගේ වාර්ෂික මහා සම්මේලනයට එක්වෙමින් රාජ්‍ය...