සංචාරකයින් ලක්ෂ පහමාරක් ලබන වසරේ දී මෙරටට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.
ඒ, මෙරට සංචාරක ව්‍යාපාරයේ ඉදිරි වැඩපිළිවෙල පිළිබදව දැනුවත් කිරීම සදහා කොල්ලුපිටිය සංචාරක අමාත්‍යාංශයේ අද (28) පැවති සාකච්ඡාවක දී අදහස් දක්වමින්.
කොවිඩ් පූර්ණ එන්නත්කරණයට ලක් වූ සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාවට වසරේ ඉදිරි මාස තුන තුළදී 20,000- 30,000ත් අතර සංචාරකයින් පිරිසක් ගෙන්වා ගැනීමට අපේක්ෂා කෙරෙන බවත් ඔහු පවසනවා.
එමෙන්ම, ගුවන් සමාගම් 20ක් පමණ ශ්‍රී ලංකාවට සෘජු ගුවන් ගමන් ආරම්භ කර ඇති බවත් රුසියානු, ප්‍රංශ, ඉතාලි, ඊශ්‍රායල් ගුවන් සමාගම් ඇතුළු තවත් ගුවන් සමාගම් 7ක් ඉදිරියේ දී මෙරට සමඟ සමග සෘජු ගුවන් ගමන් ඇරඹීමට සූදානමින් සිටින බවත් ඒ මහතා පවසනවා.