29.4 C
Colombo
Friday, April 26, 2024

ශ්‍රී ලංකාව ලෝක බැංකුවෙන් ඩොලර් බිලියනයක් ඉල්ලයි

- Advertisement -

ශ්‍රී ලංකාව විසින් මෙරට ග්‍රාමීය සංවර්ධනය, පුනර්ජනනීය බලශක්ති සහ ඩිජිටල්කරණ ව්‍යාපෘති සඳහා ලෝක බැංකුවේ සහය අපේක්ෂා කරන බව වාර්තාවනවා.

ඒ සඳහා දැනටමත් ව්‍යාපෘති යෝජනා කිහිපයක්ම ඉදිරිපත් කර ඇති අතර, තවත් කිහිපයක් සකස් කරමින් පවතින බව සඳහන්.

ආරංචි මාර්ග සඳහන් කළ පරිදි මෙම ව්‍යාපෘති සඳහා ශ්‍රී ලංකාව ලෝක බැංකුවෙන් ඩොලර් බිලියනයක පමණ මූල්‍ය සහය අපේක්ෂා කෙරෙන අතර මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ලබන මාසයේ ඇමරිකා එක්සත් ජනපදයේදී ලෝක බැංකුවේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් මුණගැසීමට නියමිත වනවා.

මෙරට විදේශ විනිමය සංචිත කැපී පෙනෙන ලෙස පහත වැටීමට හේතුවී ඇති ණය සේවාකරණය සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේදී විශේෂ අවධානයක් යොමු කෙරෙනු ඇති.

පසුගිය වසරේ ජනවාරි මාසයේ සිට මෙරට විදෙස් සංචිතය සියයට 70 කින් පමණ පහත වැටුණු අතර, ඒ හේතුවෙන් ආහාර, ඉන්ධන ඇතුලු අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීම සඳහා ප්‍රමාණවත් සංචිත හිඟවී තිබෙනවා.

ලෝක බැංකු සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සමඟ පවත්වන සාකච්ඡාවලදී ණය ආපසු ගෙවීමේ යාන්ත්‍රණය යළි සැකසීමේ හැකියාව පිළිබඳවද ශ්‍රී ලංකාව සොයා බලනු ඇති.

RECENT ARTICLES - SINHALA

මෛත්‍රීගේ පාස්කු මහමොළකරු කතාවට ටිරාන්ගෙන් උත්තර

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාස්කු ඉරු දින ප්‍රහාරයට මේ රටේ පුරවැසියකු ගැන හෝ මේ රටේ පුරවැසියෙකුගේ සම්බන්ධතාවක් ගැන හෝ කිසිදු තොරතුරු හෙළි කර...

නව පත්කිරීම් කිහිපයකට අනුමැතිය

නව තානාපතිවරයෙක්, අමාත්‍යාංශ ලේකම්වරයෙක් සහ ආයතන සභාපතිවරයන් දෙදෙනෙක් පත් කිරීම සඳහා පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබා දී තිබෙනවා. ඒ අනුව...

අයිස් සමග හසුවූ ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනා තවදුරටත් රිමාන්ඩ්

මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකපිට අත්අඩංගුවට ගත් නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සැකකරුන් හතර දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (26)...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...