27.9 C
Colombo
Saturday, April 27, 2024

චීනයේ මග හැර යාමේ ප්‍රතිපත්තිය නිසා ශ්‍රී ලංකාවට IMF නොලැබේවිද?

- Advertisement -

පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ශ්‍රීලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් විස්තීර්ණ ණය පහසුකමක් ලබා ගැනීම සඳහා ඉල්ලුම්පත්‍ර ඉදිරිපත් කළේ මීට මාස 11කට පමණ ඉහතදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩු සමයේ මුදල් අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ වත්මන් විදේශ ඇමැති අලි සබ්‍රි මහතා විසිනි. මූල්‍ය අරමුදල මගින් ඉදිරිපත් කළ කොන්දේසි සපුරාලීමේ අර්බුදයකට ආණ්ඩුවට මුහුණ දීමට සිදුව තිබූ බැවින් එම ණය මුදල අනුමත කරවා ගැනීම ප්‍රමාද වුණා. ඉන් බරපතළම කොන්දේසිය වී තිබුණේ ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට එකඟ බවට සියලු ණය හිමියන්ගේ එකඟතාවයි.

මීට අමතරව ආණ්ඩුව විසින් ඉටුකළ යුතු කොන්දේසි 15ක්ද මූල්‍ය අරමුදල විසින් ඉදිරිපත් කරනු ලැබුවා. ඒ අනුව ආණ්ඩුව තෙල් මිල, විදුලි බිල, ජල බිල, බදු බර ඉහළ නංවමින් පසුගිය කාලය පුරාම එම කොන්දේසි ඉටුකිරීමට කටයුතු කළේ රට ඇතුළෙන් මතුවුණු දැවැන්ත ජනතා විරෝධයද නොතකමින්. ඒ සියලු කොන්දේසි ඉටුකළද ණය හිමියන්ගෙන් ලබාගත යුතු සහතිකය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව අර්බුදයකට මුහුණ පෑවේ ලංකාවේ විශාලතම ණය හිමියා වන චීනය විසින් ඒ ආකාරයේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමකට එකඟතාව පළ නොකිරීම නිසායි. නමුත් ලංකාවේ අනෙකුත් ණය හිමියන් වන ඉන්දියාව හා පැරිස් සමාජය වසර 10ක කාලයක් සඳහා ණය ප්‍රතිව්‍යුහගත කිරීමට එකඟ බවට සහතික ලබාදීම හේතුකොට ගෙන චීනයටද එසේ කරන ලෙසට අමෙරිකාව ඇතුලු ප්‍රබල රටවලින් එල්ල වුණේ දැඩි බලපෑමක්. ඒ අනුව චීනය සිය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සූදානම් බවට ලිපියක් ලබා දුන්නා.

කෙසේ වෙතත් එම ලිපිය ලැබුණේ චීන රජයෙන් නොව චීන එක්සිම් බැංකුවෙන් වන අතර ණය සහනය වසර 2ක් බවටයි එහි දැක්වුණේ. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල එම ලිපිය පිළිනොගත් අතර ඒ අනුව දින කිහිපයකට පෙර නව ලිපියක් ගැන කතා බහට ලක්වුණා. එම ලිපි දෙක අතර බරපතල වෙනස්කම් දක්නට නොලැබුණු අතර පළමු ලිපිය ශ්‍රී ලංකා රජය වෙත යොමු කළ නමුත් දෙවැනි ලිපිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත සෘජුවම ඉදිරිපත් කිරීමේ කොන්දේසිය සපුරා තිබුණා. නමුත් වසර දෙකක ණය සහනය වෙනස් කර නොතිබුණු අතර අප අනෙකුත් විකල්පයන් සලකා බැලීමට සූදානම් බව දෙවැනි ලිපියේ සඳහන් වීම අනෙක් වෙනසයි. එය පැහැදිලිවම, නැවත වතාවක් කල්මැරීමට ගන්නාලද උත්සාහයක් බව, චීනයේ පසුගිය මාස කිහිපයේ හැසිරීම අනුව හඳුනාගත හැකිය. චීනය නිරන්තරයෙන් පවසන්නේ තමන් ශ්‍රී ලංකාවේ ඉතාම කිට්ටු මිත්‍රයෙක් බවයි. එහෙත් මෙම IMF කාරණයේදී චීනය කිසිදු ආකාරයකින් සිය රජයේ මැදිහත්වීමක් සිදුකිරීමට සුදානම් බවක් පෙන්නා නැහැ. එහෙත් මූල්‍ය අරමුදල අපේක්ෂා කරන්නේ චීන රජයේ මැදිහත්වීමක් සහ අනෙකුත් සියලුම පාර්ශව එකඟවන පොදු ණය සහනයක් වෙනුවෙන් එකඟතාව පළකිරීමයි. එහෙත් ශ්‍රී ලාංකික ජනතාව තවදුරටත් පිඩාවට පත්කරමින් චීනය එකඟ නොවන්නේද එයටමය.

ඇත්තෙන්ම මෙම ක්‍රියාවලියේදී චීනය හැසිරෙන ආකාරය ‘මගහැර යෑමේ ආකෘතියකින්’ ක්‍රියාත්මක වන බව හඳුනාගත හැකිය. එහෙත් ශ්‍රී ලංකා රජය සිදුකරන ලද්දේ, මෙම ලිපියට විශාල ප්‍රචාරයක් ලබාදී, එය මූල්‍ය අරමුදලට යොමුකර, දැන් තම වගකීම් ඉටුකර අවසන් බව නිවේදනය කිරීමයි. එහෙත් ශ්‍රී ලංකා රජය සිදුකරන ලද්දේ, මෙම ලිපියට විශාල ප්‍රචාරයක් ලබාදී, එය මූල්‍ය අරමුදලට යොමුකර, දැන් තම වගකීම් ඉටුකර අවසන් බව නිවේදනය කිරීමය. පැහැදිලිවම එය ගැටලුව සම්පුර්ණයෙන්ම නිරාකරණය කිරීමට අවශ්‍ය තත්වය නිර්මාණය කරදීමක් නොවේ. කෙසේවෙතත් යම් රටක ප්‍රධාන ණයහිමියකු සිය ණය ප්‍රතිව්‍යුහගතකරණය කරදීමට කැමැත්ත නොදක්වන අවස්ථාවකදී, එම රට වෙනුවෙන් ණය වැඩසටහනක් අනුමත කරදීමේ විකල්ප ක්‍රමවේදයක්ද IMF සතුව පවතින බව මෙහිදී සඳහන් කළයුතුයි. පෙනෙන්නට ඇති ආකාරයට ශ්‍රී ලංකාව මෙන්ම චීනයද බලාසිටින්නේ, IMF විසින් එම විකල්පය තෝරාගන්නා තෙක්ය. එහෙත් ගැටලුව වන්නේ අදාළ රටේ අනෙකුත් සියලුම ණයහිමියන් ‘මගහැර යන’ ණයහිමියා අමතක කර සිය ණය පොදු රාමුවක් යටතේ ප්‍රතිව්‍යුහගතකරණය කරදීමට කැමැත්ත පළකළ යුතු වීමයි.

නමුත් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් තවමත් එවැනි එකඟතාවක්, අනෙකුත් ණයහිමියන් අතර නැත. විශේෂයෙන් ඉන්දියාව සිය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම වෙනුවෙන් වූ මුල්‍ය සහතිකය ලබාදෙමින් නිවේදනය කරන ලද්දේ, මෙම ණය වැඩසටහනේදී ශ්‍රී ලංකාව විසින් සිය සෑම ණයහිමියකු සම්බන්ධයෙන්ම එකම ස්ථාවරයකින් කටයුතු කළයුතු බවයි. ශ්‍රී ලංකාව විසින් ණය ප්‍රතිව්‍යුහගතකරණය කෙරෙන පොදු රාමුවක් වෙනුවෙන් සියලුම ණයහිමියන් එකඟකරවාගත යුතු බව එමගින් අදහස් කෙරෙනවා. චීනයෙන් ඉදිරියේදී මෙවැනි උපක්‍රමශීලි හැසිරීමක් බලාපොරොත්තු විය හැකි බව ඉන්දියාව මුලසිටම දැනසිටි බව එම ප්‍රකාශයෙන් පැහැදිලිව හඳුනාගත හැකියි. ලබන අප්‍රේල් මාසයේදී ණය ප්‍රතිව්‍යුහගතකරණය කෙරෙන ආකෘතිය පිළිබඳව සාකච්ඡා ආරම්භ කරන බව පසුගියදා ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා සඳහන් කර තිබුණා. එහිදී චීන සාධකය ගැටළුවක් වීමට නියමිත බව පවතින තත්වයන් විසින් පැහැදිලිවම පෙන්වාදී තිබෙනවා.

ඒ අනුව චීනය විසින් වසර දෙකක කාලයකට පමණක් සිය ඩොලර් බිලියන 07කට වැඩි සිය සම්පුර්ණ ණය ප්‍රමාණයෙන්, ඩොලර් බිලියන 02කට අදාළ පොළිය පමණක් කපාහැරීමට නාමිකව කැමැත්ත පළකිරීම යන කාරණය විසින් ශ්‍රී ලංකාවේ ණය අර්බුදය තවදුරටත් ඉදිරියට රැගෙන යමින් පවතින බව දැකගත හැකියි. ඊට හොඳම උදාහරණය වන්නේ සැම්බියාව සහ ඝානාවය. මීට පෙර සැම්බියාව සහ ඝානාවද එරට උද්ගතව පැවැති බරපතළ මූල්‍ය අර්බුදය හමුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ඉල්ලා සිටි අතර, මූල්‍ය අරමුදලද ඔවුන්ට ණය ලබාදීමට එකඟතාව පළ කළා. නමුත් ඔවුන්ගේ ගැටලුව පැනනැගුණේද චීනය සමග පැවැති ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනේදීයි. එහිදී චීනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බලාපොරොත්තු වූ ආකාරයේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනට එකඟ නොවීම හේතුවෙන් මුදල් නිකුත් කිරීමට එකඟතාව පළ කර තිබුණද, තවමත් එම මුදල් නිදහස් කිරීමේ කටයුතු සිදුව නැහැ. ඒ අනුව ලංකාවේ ණය සම්බන්ධයෙන් චීනය සමග සාකච්ඡා ආරම්භ කිරීමෙන් පසු සැම්බියාට සහ ඝානාවට සිදුවූ දේම සිදුවනු ඇතිද යන්න පිළිබඳ බරපතළ ගැටලුවක් මේ වනවිට මතුව තිබේ.

RECENT ARTICLES - SINHALA

ජයශ්‍රී ට එරෙහි නඩුවට දින නියම කෙරේ

අරුණ ලියාන් මහතා සිය බුද්ධිමය දේපළ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ජයලත් සහෝදරයින්ට එරෙහිව ගොනු කර ඇති නඩුව ගරු වාණිජ මහාධිකරණය ඉදිරියේ අද (26) දින...

කළුතර පොලිස් නිළධාරින් බලා සිටියදී පිරිසක් කාන්තාවකට ආයුධ වලින් පහරදිලා

කළුතර නාගොඩ රෝහලේ ප්‍රධාන දොරටුව අසල පොලිස් නිලධාරීන් සහ ආරක්ෂක නිලධාරීන් බලා සිටියදී රෝහලට පැමිණි කාන්තාවකට තියුණු ආයුධවලින් පහර දී තිබෙනවා. පහරදීම සිදුකර ඇත්තේ කළුතර,...

ඇල්ල – වැල්ලවාය මාර්ගයත් නායයාමේ අවදානම් තත්ත්වයක

ඇල්ල, කරදගොල්ල, දහය කණුව ප්‍රදේශයේ මේ වන විට නායයෑමක් සක්‍රීය වී තිබෙනවා. ඇල්ල - වැල්ලවාය මාර්ගයටද බලපෑම් ඇතිවිය හැකි බැවින් රියැදුරන් ඒ පිළිබඳව සැළකිලිමත් වීම...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් ගැන සුසිල්ගෙන් දැනුම් දිමක්

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් සඳහා 60,000ක් ඉල්ලුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. එහි කටයුතු ලබන සතිය වන විට අරඹන බවත් විද්‍යාපීඨ...