30.3 C
Colombo
Friday, April 26, 2024

අඹන්පොළ ග්‍රාමසේවක ඝාතනය සම්බන්ධයෙන් දුම්රිය ස්ථානාධිපතිවරයෙකු අත්අඩංගුවට

- Advertisement -

රාජකාරියට පැමිණෙමින් සිටි අඹන්පොළ දකුණ ග්‍රාම නිලධාරීවරයා කපා කොටා ඝාතනය කළ සිද්ධියට අදාළව ගල්ගමුව පොලිසිය විසින් ඊයේ (04) රාත්‍රීයේ දුම්රිය ස්ථානාධිපතිවරයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය පවසන්නේ ඉඩම් ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවට මෙතෙක් කර ඇති විමර්ශන ඔස්සේ කරුණු හෙළිදරව් වී ඇති බවයි.

ග්‍රාම නිලධාරීවරයා බිය වැද්දීමට යැයි සඳහන් කරමින් සැකකාර දුම්රිය ස්ථානාධිපතිවරයා රුපියල් ලක්ෂ එක හමාරක මුදලකට කොන්ත්‍රාත්තුවක් හික්කඩුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකුට ලබාදී ඇතැයි වාර්තා වේ .

ඒ අනුව මෙම ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු සොයා විමර්ශන ආරම්භ කර ඇතැයි පොලිසිය සඳහන් කරයි.

කිසියම් පිරිසක් විසින් අඹන්පොළ දකුණ ග්‍රාම නිලධාරීවරයා ලෙස කටයුතු කළ එස්.එම්. සපුකුමාර නමැති 51 හැවිරිදි තිදරු පියෙක් කපාකොටා ඝාතනය කර තිබුණේ ඊයේ (04) පෙරවරුවේදියි.

රාජකාරි සඳහා යමින් සිටින අතරතුර වෑන් රථයකින් පැමිණි පිරිසක් අනුරාධපුර උදංගාව ප්‍රදේශයේදී ඔහුව කපාකොටා තුවාල සිදුකර පළාගොස් තිබුණා.

බරපතළ තුවාල ලැබූ ග්‍රාම නිලධාරීවරයාව රෝහල්ගත කිරීමට ප්‍රදේශවාසීන් පියවර ගත්තත් රෝහලට රැගෙන එන විටත් ඔහු මියගොස් සිට තිබෙනවා. 

RECENT ARTICLES - SINHALA

දුම්රියට ගොඩ වෙන්න හැදූ දෙදෙනෙක් අනතුරක

කොළඹ කොටුව දුම්රිය ස්ථානයේදී දුම්රියකට ඇතුළු වීමට උත්සාහ කළ  පුද්ගලයන් දෙදෙනෙකු අනතුරකට ලක්ව තිබෙනවා. කොළඹ කොටුව සිට මහනුවර බලා ධාවනය වීමට නියමිත දුම්රිය වේදිකාවේ නැවැත්වීමට...

ගාසා ළමා අරමුදලට මුදල් පරිත්‍යාග රැසක්

ගාසාහි ගැටුම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරම්භ කරනු ලැබූ ගාසා හි ළමා අරමුදල (Children of Gaza Fund)...

අපරාධවලින් ඉපයූ ධනය යළි අය කරගන්න නීතියක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග විස්තීරණ ණය පහසුකම ලබා ගැනීම සඳහා එළැඹ ඇති ගිවිසුම අනුව 2014 වර්ෂය වන විට වත්කම් අය කර ගැනීම සම්බන්ධයෙන් පරිපූර්ණ...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...