29 C
Colombo
Sunday, June 4, 2023

ලංකාවේ චීන තානාපති කාර්යාලයෙන් එන අමුතු Tweet

- Advertisement -

මේ වන විට අර්බුදයට ලක්ව තිබෙන චීනයේ නිෂ්පාදනය කෙරෙන සයිනොෆාම් වැක්සීන මිලදී ගැනීම පිළිබදව මෙරට චීන තානාපති කාර්යාලයද මැදිහත්ව තිබෙනවා.

ඒ අනුව බංග්ලාදේශය එක් මාත්‍රාවක් ඩොලර් 10 කටත් ශ්‍රී ලංකාව එක් මාත්‍රාවක් ඩොලර් 15 කටත් මිලදී ගැනීම පිළිබදව පැතිර යන ප්‍රවෘත්තිය අසත්‍යක් බවට ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පසුගියදා පවසා තිබුණා.

අදාළ ට්විටර් පණිවුඩයේ සටහන් වුණේ බංග්ලාදේශයේ ඩකා අගනුවර පිහිටි චීන තානාපති කාර්යාලය මගින් හා සයිනොෆාම් සමාගම මගින් අදාළ ප්‍රවෘත්තිය තමන් පරික්ෂාවට ලක්කල බවයි.

එමෙන්ම මිල ගණන් ඇතුළු ඔවුන්ගේ ප්‍රසම්පාදන ගිවිසුම තවමත් අවසන් කර නොමැති බව බංග්ලාදේශ සෞඛ්‍ය අමාත්‍යවරයා පසුගිය සතියේ පැහැදිලි කර තිබෙන බවත් මේ ආකාරයෙන් සමාජ මාධ්‍යවල පැතිරෙන ව්‍යාජ ප්‍රවෘත්ති මගින් දැනටමත් කෙරෙන ඔවුන්ගේ අඛණ්ඩ සාකච්ඡා වලට බාධා වන බවත් අදාළ ට්විටර් පණිවුඩයේ සදහන්.

කෙසේ වෙතත් තමන් අදාළ පුවත ව්‍යාජ පුවතක් බවට තහවුරු කරගත්තේ කවර මූලාශ්‍ර මාර්ගයෙන්දැයි තානාපති කාර්යාලය නිශ්චිතව සදහන් කර තිබුණේ නැහැ.

අදාළ ප්‍රවෘත්තිය ව්‍යාජ පුවතක් නම් බංග්ලාදේශයට සයිනොෆාම් එන්නත අලෙවි කරන නිවැරදි ඩොලර් ප්‍රමාණය කුමක්දැයි හෝ එහි සඳහන්වන්නේද නැහැ.

අනෙක් අතට බංග්ලාදේශය හා චීන සමාගමක් අතර පවතින ගණුදෙනුවක් සම්බන්ධයෙන් මෙරට චීන තානාපති කාර්යාලය බංග්ලාදේශය සම්බන්ධ ප්‍රකාශ නිකුත්කිරීම පුදුම සහගත කරුණක්ද වනවා.

මන්ද මේ වන විටත් බංග්ලාදේශ රජය හෝ සෞඛ්‍ය අමාත්‍යාංශය මෙම මුදල සම්බන්ධයෙන් යන ප්‍රචාර නිවැරදි නොවන බවට කිසිදු ප්‍රකාශයක් සිදුකර නැහැ.

බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ශෙයික් හසීනා මහත්මියගේ විශේෂ පුද්ගලික සහකාර Shah Ali Farhad මහතා සිය නිල ෆේස්බුක් පිටුවේ මෙම සයිනොෆාම් එන්නත් මිලදී ගැනීම පිළිබදව සටහනක් තබා තිබෙනවා.

එහි සඳහන්වන්නේ සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 15 ක් මිලදී ගැනීම සඳහා ඩොලර් මිලියන 150 ක් වෙන්කිරීමට කැබිනට් අනුමැතිය හිමිවූ බවයි.

ඒ අනුව එක් මාත්‍රාවක මිල වන්නේ ඇමරිකානු ඩොලර් 10 ක අගයක්.

අදාළ මිල පිළිබදව එකඟතාවයට පැමිණි කැබිනට් සාකච්ඡාවෙන් පසුව බංග්ලාදේශ මුදල් අමාත්‍ය A.H.M.මුස්තාපා කමල් මහතා මාධ්‍ය අමතමින් සයිනොෆාම් වැක්සින් මාත්‍රා එකක් ඇමරිකානු ඩොලර් 10 බැගින් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය හිමිවූ බවට ප්‍රකාශ කල බව The Daily Star වෙබ් අඩවියද වාර්තා කර තිබුණා.

කෙසේ වෙතත් බංග්ලාදේශයේ ඇතැම් නිලධාරීන් විවිධ අවස්ථාවන්වලදී සඳහන් කර තිබුණෙ අදාල මිලදී ගැනීම සඳහා මේ වන විටත් මිල තීරණය කර අවසන් නොමැති බවයි.

එමෙන්ම මෙම අවස්ථාවේදී ජාතික වැදගත්කමක් සේ සළකා අදාළ මිල ගණන් අනාවරණය නොකරන ලෙසද මාධ්‍යයෙන් ඉල්ලා සිටි බවද The Daily Star වෙබ් අඩවිය ඇතුළු ප්‍රවෘත්ති සේවාවන් කිහිපයක්ම සඳහන් කර තිබුණා.

මන්ද බංග්ලාදේශ රජය ඉන්දියාවේ නිෂ්පාදිත ඇස්ට්‍රාසෙනිකා එන්නත මිලදීගෙන තිබුණේ එක් මාත්‍රාවක් ඩොලර් 5 ක් වැනි ඉතා අවම මුදලකටයි.

තත්ත්වය එසේ තිබියදී සයිනොෆාම් එන්නත ඊට වැඩි මුදලකට මිලදී ගැනීම පිළිබදව රටතුළ යම් ආන්දෝලනයක් ඇතිවිය හැකි බවට බංග්ලාදේශ රජයේ ඉහළ බලධාරීන් සැකපල කරන්නට ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් රටවල් දෙකක් අතර වන ගනුදෙනුවක් සම්බන්දයෙන් මෙරට චීන තානාපති කාර්යාලය ප්‍රකාශ නිකුත් කරන්නට යෑම පිළිබදව මේ වන විට බොහෝ පාර්ශවයන්ගේ විරෝධයට හේතුවී තිබෙනවා.

මන්ද චීන තානාපති කාර්යාලයේ ප්‍රකාශය පදනම් කරගනිමින් ආණ්ඩු හිතවාදී මූලාශ්‍ර පරීක්ෂකයන් (Fact Check) අදාළ ප්‍රවෘත්ති ව්‍යාජ ඒවා බවට ෆේස්බුක් සමාජ ජාලයට වාර්තා කිරීම මේ වන විටත් ආරම්භ කර තිබෙනවා.


RECENT ARTICLES - SINHALA

කෝටි 35ක මැණික සොරකම් කළ පුද්ගලයා අත්අඩංගුවට

මීගොඩ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසකින් සොරකම් කරන ලද රුපියල් කෝටි 35 ක් පමණ වටිනා බව කියන මැණිකක් සහ රුපියල් ලක්ෂ 27 ක් පමණ...

දිස්ත්‍රික්ක තුනකට අවදානම් නිවේදන

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක තුනකට නායයෑමේ අවදානම් නිවේදන නිකුත් කර තිබෙනවා. ඒ අනුව බදුල්ල, ගාල්ල සහ  කලුතර...

හොරුන්ගෙන් යැපෙන ජනාධිපති හොරු අල්ලන්නේ නෑ – සජිත්

හොරුන්ගෙන් යැපෙන නායකයෙකුට හොරු ඇල්ලීම සිදුකල නොහැකි බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ, උදාවක ඇරඹුම වැඩසටහන යටතේ තිස්සමහාරාම...

RECENT ARTICLES - ENGLISH

Breaking: Litro gas prices reduced

0
Prices of Litro domestic LP gas cylinders will.be reduced with effect from midnight today (4), the Litro Chairman said.

Odisha train accident: Coromandel express train collides with goods train, many feared dead

0
In a major train accident in Odisha, an express train collided with a goods train in which many are now feared dead.

Khalid and Salama to visit SL today

0
Khalid Al Ameri, a renowned Emirati blogger, columnist, and motivational speaker, is making headlines once again with his upcoming trip to Sri...