27.8 C
Colombo
Friday, April 26, 2024

බාල චීන පල්ස් ඔක්සි මිටර හොර පාරෙන් මෙරටට

- Advertisement -

පුද්ගලයකුගේ සිරුරේ ඔක්සිජන් ප්‍රතිශතය මැන බැලීම සඳහා භාවිත කෙරෙන ‘පල්ස් ඔක්සි මීටර’ සඳහා පාලන මිලක් පැනවීමට ඖෂධ නියාමනය සැපයීම පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙනවා.

මුල් සමයේ පල්ස් ඔක්සිමීටරයක් රුපියල් 1350කට අලෙවි වූ නමුත් මේ වන විට එහි මිල රුපියල් 4000 – 8000 දක්වා වැඩි වී ඇති බව ඖෂධසල් හිමිකරුවන් පවසනවා.

එබැවින් ගැසට් නිවේදනයක් නිකුත් කර මිල පාලනයක් සිදුකිරීම පිළිබඳව අමාත්‍යාංශය සාකච්ඡා ආරම්භ කර ඇති බවයි පැවසෙන්නේ.

මේ අතර, චීනයෙන් ගෙන්වා ඇති බාල ප්ලස් ඔක්සි මීටර පිළිබඳවද වාර්තා වනවා. ප්ලස් ඔක්සි මීටර අලෙවි කිරීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය බලපත්‍ර ලබා දී ඇත්තේ සමාගම් තුනකට පමණක් වන අතර ශ්‍රී ලංකා රේගුවට හොරෙන් මෙම ලියාපදිංචි නොකළ ප්ලස් ඔක්සි මීටර මෙරටට ගෙන්වා තිබෙනවා.

මේවා භාවිතයෙන් නිසි පරිදි ඔක්සිජන් ප්‍රතිශතය මැන බැලීමට නොහැකි බවත් මෙවැනි බාල වර්ගයේ ඔක්සි මීටර 3500ක් කොළඹ නගරයේදී අත්අඩංගුවට ගත් බවත් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ආහාර හා ඖෂධ පරීක්ෂකවරුන් පවසන බව අරුණ පුවත්පත වාර්තා කරනවා.

RECENT ARTICLES - SINHALA

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිරිසේනගේ මැයි රැලිය ගම්පහ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති...

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කරන්න ඕන-බන්දුල ගුණවර්ධන

ගොඩ ගැසී ඇති සියලු ම රියදුරු බලපත් එළඹෙන අගෝස්තු මාසය වන විට නිකුත් කර අවසන් කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන...

මත්පැන් හිඟ බදු මුදල් ගැන තීරණයක්

2023 වසරට අදාළව මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ජුනි මස 30 වනදා වනවිට අයකර ගැනීමට කටයුතු කරන ලෙස ක්‍රම හා විධි පිළිබඳ...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අරගලයේ වෙනස අපි පටන් ගන්න සුදානම්-නාමල්

අරගල සමයේ සටන් පාඨය බවට පත්වූ ක්‍රම වෙනසක් ඇති කිරීම සිය පක්ෂය තුළින්ම ආරම්භ කිරීමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු...