සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු සහ කලාකරුවෙකු වන සුදත්ත තිලකසිරි මහතා අද (15) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට(CID) කැඳවා තිබෙනවා.
ප්‍රකාශයක් ලබා ගැනීමට ඔහුව කැඳවා ඇති බවයි සඳහන් වන්නේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශයක් ලබා දෙන්නැයි තමන්ට දැනුම් දී ඇති බව සුදත්ත තිලකසිරි මහතා පසුගියදා සමාජ මාද්‍යයට ප්‍රකාශක් නිකුත් කරමින් සඳහන් කර සිටියා.
ඒ අනුව, අද පෙරවරුවේ ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේ ප්‍රකාශයක් ලබාදීමටයි.
මේ අවස්ථාවට කලාකරුවන් සිවිල් ක්‍රියාකාරීන් මෙන්ම දේශපාලන ක්ෂේත්‍රයේ පිරිස්ද පැමිණ තිබුණා.