29 C
Colombo
Sunday, June 4, 2023

විශ්වාසභංගය පරදන්න රජයට සහය දෙනවා – ශ්‍රීලංනිපය

- Advertisement -

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව සමගි ජනබලවේගය විසින් ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව අද (19) හා හෙට (20) විවාදයට ගනු ලබනවා.

පෙරවරු 10 සිට පස්වරු 5 යි 30 දක්වා එම විවාදය පැවැත්වෙන අතර හෙට 2වන දිනයටද විවාදය පවත්වා පස්වරුවේ ඊට අදාළ ඡන්ද විමසීම සිදු කරනු ඇති.

මෙම විශ්වාසභංග යෝජනාවට අදාලව විපක්ෂයට වාසි වන ආකාරයේ කිසිදු තීරණයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් නොගන්නා බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

උදය ගම්මන්පිළ අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත්ව තිබෙන විශ්වාසභංග යෝජනාවේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය කුමක්දැයි මාධ්‍යවේදීන් කළ කරුණු විමසීමක දී ඔහු මේ බව සඳහන් කළා.

එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා,

“ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒ සම්බන්ධව පුළුල් ලෙස සාකච්ඡා කර නැහැ. නමුත් එකක් කියන්න කැමැතියි. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වශයෙන් කිසිදු අවස්ථාවක ගම්මන්පිළ ඇමැතිතුමාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන විශ්වාසභංගයේ දී විපක්ෂයට වාසිදායක වන ආකාරයේ කිසිදු තීන්දුවක් ගන්නේ නැහැ.

ඛනිජතෙල් මිල වැඩි කිරීම සම්බන්ධව ගත් තීරණය එතුමාගේ තනි තීරණයක් නොවෙයි. ඒක අමාත්‍ය මණ්ඩලය විසින් ගත් තීරණයක්. එම අවස්ථාවට ගරු අගමැතිතුමා මෙන්ම ජනාධිපතිතුමාත් සහභාගි වුනා. ඒ නිසා ගම්මන්පිළ ඇමැතිතුමාට තනියෙන් ඒ වගකීම බාරදිය යුතු නැහැ. අමාත්‍ය මණ්ඩලයේ සිටි සියලු දෙනා එම යෝජනාව එම ගන්නා අවස්ථාවේ අමාත්‍ය මණ්ඩලයේ සිටියා. එහෙමනම් එහිදී එම තීරණය සම්බන්ධව සමස්ත අමාත්‍ය මණ්ඩලයම වගකීම බාර ගත යුතුයි.

ඒ නිසා අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වශයෙන් අපේ ස්ථාවරය තමයි මෙම විශ්වාසභංගයේ දී ගම්මන්පිළි අමාත්‍යතුමාට විශ්වාසය පළ කිරීම. ඒ සඳහා අපි කටයුතු කරනවා “


RECENT ARTICLES - SINHALA

කෝටි 35ක මැණික සොරකම් කළ පුද්ගලයා අත්අඩංගුවට

මීගොඩ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසකින් සොරකම් කරන ලද රුපියල් කෝටි 35 ක් පමණ වටිනා බව කියන මැණිකක් සහ රුපියල් ලක්ෂ 27 ක් පමණ...

දිස්ත්‍රික්ක තුනකට අවදානම් නිවේදන

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක තුනකට නායයෑමේ අවදානම් නිවේදන නිකුත් කර තිබෙනවා. ඒ අනුව බදුල්ල, ගාල්ල සහ  කලුතර...

හොරුන්ගෙන් යැපෙන ජනාධිපති හොරු අල්ලන්නේ නෑ – සජිත්

හොරුන්ගෙන් යැපෙන නායකයෙකුට හොරු ඇල්ලීම සිදුකල නොහැකි බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ, උදාවක ඇරඹුම වැඩසටහන යටතේ තිස්සමහාරාම...

RECENT ARTICLES - ENGLISH

Breaking: Litro gas prices reduced

0
Prices of Litro domestic LP gas cylinders will.be reduced with effect from midnight today (4), the Litro Chairman said.

Odisha train accident: Coromandel express train collides with goods train, many feared dead

0
In a major train accident in Odisha, an express train collided with a goods train in which many are now feared dead.

Khalid and Salama to visit SL today

0
Khalid Al Ameri, a renowned Emirati blogger, columnist, and motivational speaker, is making headlines once again with his upcoming trip to Sri...