දේශසීමාවන් ද ඇතුළුව රටේ ආරක්ෂාව තර කිරීම සදහා තජිකිස්තානය පියවර ගෙන තිබේ.
ඊට හේතුව වී ඇත්තේ ඇෆ්ගනිස්තානයේ දිනෙන් දින වර්ධනය වන නොසන්සුන්තාවයයි.
ත්‍රස්තවාදය, මත්ද්‍රව්‍ය ජාවාරම මෙහිදී ඇති ප්‍රධානතම තර්ජන සහ අභියෝග බව තජිකිස්තානය ආරක්ෂක කවුන්සිලයේ ලේකම් නසරැල්ලෝ මහමුද්සෝදා සදහන් කර තිබේ.
එසේවුවද ඇෆ්ගනිස්තානයේ සාමාන්‍ය ජනතාව සදහා අවශ්‍ය ඕනෑම සහයක් ලබාදීමට තම රට සුදානම් බවද තජිකිස්තානය සදහන් කර තිබේ.
ඇෆ්ගනිස්තානය සහ තජිකිස්තානය අතර කිලෝමීටර් 1357 ක් දිගැති ගොඩබිම් දේශසීමාවක් වැටී තිබේ.