29.4 C
Colombo
Friday, April 26, 2024

තහනම් සංවිධාන සමග බුද්ධි තොරතුරු හුවමාරු කරගත් බවට ඇමරිකාවට චෝදනා

- Advertisement -

තහනම් ත්‍රස්තවාදී සංවිධාන සමග බුද්ධි තොරතුරු හුවමාරු කරගත් බවට අන්තර්ජාතික ආරක්ෂක විශ්ලේෂකයන් ඇමරිකාවට චෝදනා කර තිබේ.

මීට හේතුවී ඇත්තේ කාබුල්හි ප්‍රහාර එල්ලවීම සම්බන්ධයෙන් ඇමරිකාව තලේබාන් සංවිධානය සමග බුද්ධි තොරතුරු හුවමාරු කර ගැනීම හේතුවෙනි.

ඇමරිකාව මේ වනවිට තලේබාන්වරුන් සමග අවබෝධයෙන් කටයුතු කළත් එම බුද්ධි තොරතුරු මේ වන විට තලේබාන් සංවිධානයේ ප්‍රධාන බලවේගයක් බවට පත්ව ඇති හක්කානි ත්‍රස්ත ජාලය වෙතද ලැබෙන බව අදාළ ආරක්ෂක විශ්ලේෂකයන්ගේ අදහසයි.

හක්කානි ජාලය ඇමරිකානු හමුදාවන්ට එරෙහිව ප්‍රහාර රැසක් එල්ල කළ දරුණු ගනයේ අන්තවාදී ත්‍රස්ත සංවිධානයක් ලෙස සැලකෙන අතර ඔවුන්ගේ නායකයා වන කලීල් හක්කානි අල්ලා දෙන අයෙකුට ඩොලර් මිලියන 05ක ත්‍යාග මුදලක් දෙන බවට ද ප්‍රකාශ වී ඇත.

තලේබාන් සංවිධානය මෙන්ම අල්කයිඩා සංවිධානය සමගද සමීපව කටයුතු කරන හක්කානි ජාලය මේ වන විට කාබුල්හි ආරක්ෂාව භාරව සිටින බව ද පැවසේ.

කෙසේවෙතත්, මෙම බුද්ධි තොරතුරු හුවමාරු චෝදනාවට පිළිතුරු දී ඇති ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක නෙඩ් ප්‍රයිස් සදහන් කර ඇත්තේ තලේබාන්වරුන් සහ හක්කානිවරුන් යනු සංවිධාන දෙකක් බවයි.

RECENT ARTICLES - SINHALA

නව පත්කිරීම් කිහිපයකට අනුමැතිය

නව තානාපතිවරයෙක්, අමාත්‍යාංශ ලේකම්වරයෙක් සහ ආයතන සභාපතිවරයන් දෙදෙනෙක් පත් කිරීම සඳහා පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබා දී තිබෙනවා. ඒ අනුව...

අයිස් සමග හසුවූ ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනා තවදුරටත් රිමාන්ඩ්

මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකපිට අත්අඩංගුවට ගත් නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සැකකරුන් හතර දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (26)...

දුම්රියට ගොඩ වෙන්න හැදූ දෙදෙනෙක් අනතුරක

කොළඹ කොටුව දුම්රිය ස්ථානයේදී දුම්රියකට ඇතුළු වීමට උත්සාහ කළ  පුද්ගලයන් දෙදෙනෙකු අනතුරකට ලක්ව තිබෙනවා. කොළඹ කොටුව සිට මහනුවර බලා ධාවනය වීමට නියමිත දුම්රිය වේදිකාවේ නැවැත්වීමට...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...