30.3 C
Colombo
Friday, April 26, 2024

කොවිඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව සති දහයකට පසු

- Advertisement -

කොවිඩ් මර්දන එන්නතේ දෙවැනි මාත්‍රාව ලබාදීම සති හයකින් පමා කරන්නේ යැයි කොවිඩ් රෝග මර්දන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි.

එන්නතේ පළමු මාත්‍රාවෙන් සති හතරකින් පසුව දෙවැනි මාත්‍රාව දීමට සැලසුම් කරගෙන සිටියත් ලෝක දත්ත අනුව එය සති දහයකින් හෝ දොළහකින් පසුව ලබාදීමට තීරණය කළේ යැයි ද අමාත්‍ය ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි.

ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත පොදු ජනයාට එන්නත් කරද්දී බස්නාහිර කලාපයේ අවදානම් කලාප ඇතුළු වැඩි අවදානම් ග්‍රාම නිලධාරි කොට්ඨාශවලට ප්‍රමුඛත්වය ලැබෙන්නේ යැයි ද ඇය කීවාය.

රෝහල් කාර්යමණ්ඩලවලට ලබාදීමේදී සායනික පුහුණුව ලබන වෛද්‍ය හෙද සිසුන්ටත් එය හිමිවන්නේ යැයි ද ඇමැතිවරිය කීවාය.

කොවිඩ් ප්‍රතිශක්ති එන්නත්කරණය සාමාන්‍ය ජනයාට ලබාදීම කොළඹ මහ නගර සභාවේ කම්කරුවන්ගෙන් ඊයේ(15) ආරම්භ වූ අතර යුද හමුදා රෝහලේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ද අද(16) ලබාදේ.

ඊට අමතරව බන්ධනාගාර නිලධාරින් 5100 කට ද එය ලබාදීම අද සිට ආරම්භ වේ.

RECENT ARTICLES - SINHALA

දුම්රියට ගොඩ වෙන්න හැදූ දෙදෙනෙක් අනතුරක

කොළඹ කොටුව දුම්රිය ස්ථානයේදී දුම්රියකට ඇතුළු වීමට උත්සාහ කළ  පුද්ගලයන් දෙදෙනෙකු අනතුරකට ලක්ව තිබෙනවා. කොළඹ කොටුව සිට මහනුවර බලා ධාවනය වීමට නියමිත දුම්රිය වේදිකාවේ නැවැත්වීමට...

ගාසා ළමා අරමුදලට මුදල් පරිත්‍යාග රැසක්

ගාසාහි ගැටුම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරම්භ කරනු ලැබූ ගාසා හි ළමා අරමුදල (Children of Gaza Fund)...

අපරාධවලින් ඉපයූ ධනය යළි අය කරගන්න නීතියක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග විස්තීරණ ණය පහසුකම ලබා ගැනීම සඳහා එළැඹ ඇති ගිවිසුම අනුව 2014 වර්ෂය වන විට වත්කම් අය කර ගැනීම සම්බන්ධයෙන් පරිපූර්ණ...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...