25 C
Colombo
Thursday, May 16, 2024

මියන්මාරයෙන් බේරාගත් ශ්‍රී ලාංකිකයින් ගේන්න තායිලන්තයේ සහාය

- Advertisement -

මියන්මාරයේ සයිබර් අපරාධ කලාපයෙන් බේරාගත් ශ්‍රී ලාංකිකයන් කඩිනමින් දිවයිනට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් වූ සාකච්ඡාවක් තායිලන්ත විදේශ කටයුතු අමාත්‍යවරයා සහ මෙරට විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා අතර සිදුවී තිබෙනවා.

විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ, දුරකථන මාර්ගයෙන් දෙපාර්ශ්වය අතර මෙම සාකච්ඡාව පවත්වා ඇති බවයි.

මියන්මාරයේ සයිබර් අපරාධ කලාපයේ ශ්‍රී ලාංකිකයන් 56 දෙනෙකු සිටින අතර ඉන් 8 දෙනෙකු බේරාගැනීමට හැකිවූ බව මියන්මාර රජය පසුගියදා නිල වශයෙන් ප්‍රකාශ කළා.

ඒ අනුව, එම පිරිස ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය සහාය ලබාදෙන ලෙස විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා විසින් තායිලන්ත විදේශ කටයුතු අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් සිදුකර ඇති බව සඳහන්.

ඒ අනුව ඊට අදාළ පහසුකම් සැපයීමට තායිලන්ත විදේශ අමාත්‍යවරයා සිය එකඟතාව පළකර ඇති බව වාර්තා වනවා.

විදේශ කටයුතු අමාත්‍යංශය වැඩිදුරටත් පැවසුවේ, තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුම, අන්‍යොන්‍ය වීසා රහිත විධිවිධාන රටවල්, පුනර්ජනනීය බලශක්ති සහ ධීවර යන ක්ෂේත්‍රවල සහයෝගීතාව ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් මෙම සංවාදයේදී විදේශ අමාත්‍යවරුන්ගේ අවධානයට ලක්වී ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

සිසුන් ලක්ෂ හයක් උදේට හාමතේ

පාසල් සිසුන්ගෙන් ලක්ෂ 6 ක පිරිසක් උදෑසන ආහාර වේල නොගෙන පාසල් පැමිණෙන බව හෙළිවූ බව පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු ක්‍රම සහ විධි...

උතුරන්න සල්ලි තියෙන නිසා රනිල්ගෙන් මිලියන 25ක ‘අෂ්රෆ් ‘කෞතුකාගාරයක්

මුස්ලිම් කොංග්‍රසයේ නිර්මාතෘ, හිටපු අමාත්‍ය අභාවප්‍රාප්ත එම්.එච්.එම්. අෂ්රෆ් මහතා ඉටුකළ සේවය අගයමින් 'අෂ්රෆ් අනුස්මරණ කෞතුකාගාරයක්' ඉදිකිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි පියවර ගෙන...

නරියාකන්දේ අනතුරේ තවත් දැරියක් මරුට

දියතලාව නරියාකන්ද ෆොක්ස්හිල් මෝටර්රථ ධාවන තරඟය අතරතුර සිදු වූ මෝටර් රථ අනතුරින් තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි 16 හැවිරිදි තරුණියක්...

POPULAR ARTICLES

කුලී කාමරවලට පනින්නත් දේශබන්දුගෙන් සුදානමක්

දිවයින පුරා ඇති නිවාස සහ කාමර කුලියට ගෙන පදිංචිව සිටින අය පිළිබඳව සොයා පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.නිවෙස් සහ කාමරවල...

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

යුධ පිටියක් වු කටුගස්තොට

කටුගස්තොට නගරය ආසන්නයේ විවෘත කිරීමට නියමිතව තිබූ මත්ස්‍ය වෙළෙඳ සැළකට කඩා වැදුණු අවිගත් කණ්ඩායමක් ගොඩනැගිල්ලට සහ වාහන දෙකකට පහර දී දැඩි අලාභහානි සිදුකර තිබෙන...