27.8 C
Colombo
Friday, April 26, 2024

85 හැවිරිදි ෆවුසිට දියවන්නා වරම් හිමිවෙයි

- Advertisement -

මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා ඉල්ලා අස්වීමෙන් පසු පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා ඒ.එච්.එම් ෆවුසි මහතාගේ ගැසට් කර තිබෙනවා.

පසුගිය 20 වනදා මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා කොළඹ පුරපති ධුරයට තරඟ කිරීමට සමඟි ජන බලවේගයේ මුජිබර් රහුමාන් මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වුණා.

මුජිබර් රහුමාන් මහතා මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමඟ හිටපු අමාත්‍යවරයෙක් වන ඒ.එච්.එම් ෆවුසි මහතාට මැතිසබයට පිවිසීමේ අවස්ථාව උදාවී තිබෙනවා.

මේ අනුව පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා ඒ.එච්.එම් ෆවුසි මහතාගේ නම මැතිවරණ කොමිසම විසින් ගැසට් කර ඇති බව සඳහන් වනවා.

2020 පැවැති මහ මැතිවරණයේ දී සමඟි ජන බලවේගයට කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසන 06ක් හිමි වූණා.

ඒ.එච්.එම් ෆවුසි මහතාට මනාප 48701ක් හිමි වු අතර ඔහුට මනාප ලැයිස්තුවේ 07 වන ස්ථානයට පත් වුණා.

කොළඹ නගර සභාවේ හිටපු නගරාධිපතිවරයෙක් වන ඒ.එච්.එම් ෆවුසි මහතා මේ වන විට 85 වියෙහි පසු වෙනවා.

RECENT ARTICLES - SINHALA

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිරිසේනගේ මැයි රැලිය ගම්පහ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති...

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කරන්න ඕන-බන්දුල ගුණවර්ධන

ගොඩ ගැසී ඇති සියලු ම රියදුරු බලපත් එළඹෙන අගෝස්තු මාසය වන විට නිකුත් කර අවසන් කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන...

මත්පැන් හිඟ බදු මුදල් ගැන තීරණයක්

2023 වසරට අදාළව මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ජුනි මස 30 වනදා වනවිට අයකර ගැනීමට කටයුතු කරන ලෙස ක්‍රම හා විධි පිළිබඳ...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අරගලයේ වෙනස අපි පටන් ගන්න සුදානම්-නාමල්

අරගල සමයේ සටන් පාඨය බවට පත්වූ ක්‍රම වෙනසක් ඇති කිරීම සිය පක්ෂය තුළින්ම ආරම්භ කිරීමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු...