30 C
Colombo
Tuesday, May 7, 2024

මහ බැංකුව පොලී අනුපාත අඩුකරයි

- Advertisement -

ප්‍රතිපත්ති පොලී අනුපාතික තවදුරටත් පහළ දැමීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබෙනවා.

මේ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පිළිවෙළින් 11% සහ 12% දක්වා පදනම් අංක 200 කින් තවදුරටත් අඩු වෙන බවයි සඳහන් වන්නේ.

ඊයේ (05) රැස්වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් එම තීරණය ගෙන තිබෙනවා.

මේ අතර මැයි 31 වනදා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් ප්‍රතිපත්ති පොලී අනුපාතික වාර්තාගත ලෙස පහත දැමීමට තීරණය කර තිබුණා.

මේ අතර 2023 ජූනි මස අවසන් වන විට දළ නිල සංචිත මට්ටම, චීන මහජන බැංකුවේ හුවමාරු පහසුකම ද ඇතුළුව අමෙරිකානු ඩොලර් බිලියන 3.5 ක් ලෙස ඇස්තමේන්තු කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

අධ්‍යාපන ඩිජිටල්කරණයට චීන සහය

ශ්‍රී ලංකාවේ සාමාන්‍ය අධ්‍යාපනය ඩිජිටල් පරිවර්තනයකට ලක්කිරීමේ යෝජනාවක් අනුව ආධාර ලබාදීමට චීන රජය එකඟත්වය පළ කර තිබෙනවා. එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අදාළව ශක්‍යතා අධ්‍යයනයක් ද...

මෙරට නිල සංචිත වත්කම්වල 9.6% ක වර්ධනයක්

ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් 2024 අප්‍රේල් මාසයේදී 9.6%කින් වර්ධනය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. ඒ අනුව, 2024 මාර්තු මාසයේ ඩොලර් බිලියන...

පෙම්වතියගේ නිවසට ගොස් අතුරුදන් වූ තරුණයාගේ සිරුර හමුවෙයි

පෙම්වතිය බැලීමට ගොස් අතුරුදන් වූ කුලියාපිටියේ පදිංචිව සිටි තරුණයාගේ මළ සිරුර මාදම්පේ, පනිරෙන්ඩාව ප්‍රදේශයේ තිබී සොයාගෙන ඇතැයි පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...