28 C
Colombo
Sunday, October 1, 2023

ජනපතිට, අගමැතිට හෝ ඇමති මණ්ඩලයට රට අයිති නෑ – කාදිනල් හිමි

- Advertisement -

මුතුරාජවෙල රක්ෂිතයේ ප්‍රේරණ කලාපයෙහි අක්කර 100ක් ගොඩකරමින් ඉදිකිරීමට සැලසුම් කර ඇති සංවර්ධන ව්‍යාපෘතිය යළිත් හොර රහසේම ආරම්භ කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය කටයුතු කරමින් සිටින බවට කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමියන් චෝදනා කරයි.

ඊයේ (05) පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවක් අමතමින් අගරදගුරු හිමියන් පවසා සිටියේ ජනපති, අගමැති හෝ අමාත්‍ය මණ්ඩලයට රට අයිති නොමැති බව සිහියේ තබාගත යුතු බවයි.

මුතුරාජවෙලට සිදුකිරීමට සූදානම් වන හානිය හරහා විශාල පරිසර හානියක් සිදුවනවා මෙන්ම ජලය ගැලීමෙන් ප්‍රදේශවාසීන්ටද විවිධ පීඩාවන් සිදුවිය හැකි බවයි කාදිනල් හිමියන් පෙන්වා දෙන්නේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කාදිනල් හිමියන්,

“දැන් මාස කිහිපයක ඉඳන් අපි මුතුරාජවෙලට අත තියන්න එපා කියලා ජනතාවගේ හඬ නැගීමක් කළා. ඒක මේ නිලධාරීන් ඔක්කොමලා දන්නවා. එහෙම දැන දැනත් ආයෙත් සැරයක් හොර රහසින්ම ආරක්ෂිත ප්‍රදේශයට, බෆර් සෝන් එකක් වෙන මෙම කලාපයේ අක්කර සීයක් මුහුදු වැලි වලින් ගොඩකරලා කරන්නට යන මහා විනාශය පිළිබඳ අපේ විරෝධය පළකරලා මම අද ලිපියක් යැව්වා. බෆර් සෝන් එක ඇතුළේ අක්කර 100ක් ගොඩකරනවා කියන්නෙ මේ මිනිස්සුන්ට බෝට්ටුවක් අරන් තියාගන්න වෙනවා ගෙදර මීට පස්සෙ ඔය පැත්තෙ ඉන්න හැමෝටම. ඇයි ? එක්කෝ පීනන්න දැනගන්න ඕනෙ, නැත්නම් බෝට්ටුවෙන් යන්න පුරුදුවෙන්න ඕනෙ. 

රජයක් මතක තියාගත යුතු දෙයක් තියෙනවා. ජනාධිපති කෙනෙක්, අගමැති කෙනෙක්, මැති ඇමතිවරු මතක තියාගත යුතු එක දෙයක් තියෙනවා. රට ඒගොල්ලන්ට අයිති නෑ, රට අයිති ජනතාවට. ඒගොල්ලන්ට අවුරුදු පහකට ඒකෙ බාරකාරීත්වය පමණයි ලබාදීලා තියෙන්නෙ. ඒ නිසා ජනතාවගේ කැමැත්ත නැතුව හිතුවක්කාර විදියට ව්‍යාපෘති කරන්න ඒගොල්ලන්ට අපි බලයක් දීලා නෑ. කරුණාකරලා ඔය නාගරික සංවර්ධන අමාත්‍යාංශය කියන එක මතක තියාගන්න ඕගොල්ලන්ට අපි මේ ප්‍රදේශ බාරදුන්නෙ නෑ, ජනාධිපතිතුමාටත් එහෙම බලයක් දුන්නෙ නෑ අපි.

අනිත් එක තමන් දන්නෙ නැති දේවල් ගැන කතා කරන්න යන්නත් එපා. තමන්ට ආචාර්ය පදවි තිබුණා කියලා හැමදේම දන්නෙ නෑ, තමන් දන්නැති දේවල් ගැන කියන්න එපා, මේ මුතුරාජවෙල ප්‍රදේශයට අත තියන්න එපා ! ඒ ප්‍රදේශයේ මේ සංවර්ධන ව්‍යාපෘති කරන්න අපි දෙන්නේ නෑ”

RECENT ARTICLES - SINHALA

කාර්මික දෝෂ නිසා අදත් ගුවන් ගමන් දෙකක් අවලංගුයි

අද (01) පෙරවරු 8.20ට පමණ නේපාලයේ - කත්මන්ඩු නුවර දක්වා ගමන් කිරීමට සැලසුම් කර තිබු ගුවන් ගමනක් අවලංගු කර තිබෙනවා. ඒ සඳහා ශ්‍රී ලංකන් ගුවන්...

සීතා ඇතින්නියගේ පපුවේ උණ්ඩ 7ක්

මහියංගනයේදී වෙඩි ප්‍රහාරයකට ලක් වූ මහරගම සීතා ඇතින්නගේ හෘදය වස්තුව ආසන්නයේ සිරුර තුළට උණ්ඩ  හතක්  වැදී ඇති බව ඇතාට වෛද්‍ය ප්‍රතිකාර කරන පේරාදෙණිය විශ්ව...

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ සිසුන්ට දැනුම් දීමක්

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ අවසන් වූ වහාම එම සිසුන් සඳහා වෘත්තීය පුහුණු පාඨමාලා ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව අධ්‍යාපන අමාත්‍ය...

POPULAR ARTICLES

ඉන්දියාව තුළ ආන්දෝලනයක් වූ විවාහය

උතුරු පන්ජාබ් ප්‍රාන්තයේ සමලිංගික යුවලකගේ විවාහ මංගලය්‍යක් හේතුවෙන් ඉන්දියාව තුළ විශාල ආන්දෝලනයක් හට ගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය පවසන්නේ, සමලිංගික විවාහ නීතිගත කිරීම පිළිබඳ ඉන්දීය ශේෂ්ඨාධිකරණය...

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට නියෝගයක්

ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ පුරප්පාඩු 4,718 ක් පිරවීමට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශය ගත් පියවර වහා ක්‍රියාත්මක කරන්නැයි, ශ්‍රේෂ්ඨාධිකරණය අද(27) නියෝග කර තිබෙනවා ඒ අදාළ බඳවා ගැනිම්වලට...

චීනය නිසා එකතු වූ මහින්ද,මෛත්‍රී,ගෝඨා

මහජන චීන සමූහාණ්ඩුවේ 74 වන ජාතික දින උත්සවය ඊයේ (28) කොළඹ ෂැන්ග්‍රීලා හෝටලයේදී පැවැත්වුණා. මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු...