29 C
Colombo
Sunday, March 16, 2025

රට බංකොලොත් උනේ අපේ වරදින් නෙවෙයි මහබැංකුවේ වරදින්..! – වජිර

- Advertisement -

රට බංකොලොත් වූයේ පාර්ලිමේන්තුවේ සිටින මහජන නියෝජිතයින්ගේ වරදින් නොව මුදල් අමාත්‍යාංශයේ සහ මහ බැංකුවේ නිලධාරීන්ගේ වරදින් බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසනවා.

ඒ,ඊයේ (01) පාර්ලිමේන්තුවේදී අයවැය විවාදයට එක්වෙමින්.

කෙසේවෙතත් අවසානයේ සිදුවූයේ මන්ත්‍රීවරුන්ගේ නිවෙස් ගිනිබත් වීම බවත් වහාම රට බංකොලොත් වීම ගැන පාර්ලිමේන්තුවේ 225විසින්ම පරීක්ෂණයක් ඉල්ලිය යුතු වන බවත් අබේවර්ධන පවසනවා.

මුදල් අමාත්‍යාංශයේ සහ මහ බැංකුවේ නිලධාරීන් ඔවුන් රටේ පාලකයන් බවට සිතන්නේ නම් එය විශාල වරදක් බව මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

”රට බංකොලොත් කිරීමේ බලයක් මුදල් අමාත්‍යාංශයට නැහැ.රට බංකොලොත් කිරීමේ බලයක් මහ බැංකුවට නැහැ.එවැනි දෙයක් කළාම සියලූ දෙනා සද්ද නැතුව ඉන්නවා.ඒකට දඬුවම් විදිනවා පාර්ලිමේන්තුවේ ඉන්න 225දෙනා .ඒගොල්ලන්ගේ ගෙවල් පුච්චන්නේ.මහජනයාගේ හිතේ පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයින් රට බංකොලොත් කළා කියල.පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයින් රට බංකොලොත් කළේ නැහැ.මට දැනගන්න ලැබුණා මේ පාර්ලිමේන්තුවට මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් පැමිණ සාක්ෂි ලබාදුන්නා කියල.

ඒ අයට තිබුණනේ අප්‍රේල් මාසයේදී පාර්ලිමේන්තුවේ නියෝජිතයින් කැඳවලා කියන්න තිබුණා රටේ මෙහෙම ප්‍රශ්නයක් තිබෙනවා මොකද කරන්නේ කියල.එහෙම වුණා නම් මේ පාර්ලිමේන්තුවම මුදල් අමාත්‍යාංශයක් වෙලා එදා තීරණ ගනි.මේ රටේ සාර්ථක ව්‍යාපාරිකයින්ගේ LC උස්සල පොළවේ ගැහුවේ කවුද?මේ මන්ත්‍රීවරුද?ඒ නිසා අද කල්පනාවෙන් මේ ප්‍රශ්න දිහා බැලිය යුතුව තිබෙනවා.රට බංකොලොත් කියල පණිවිඩයක් දෙන්න කාටද බලයක් තිබුණේ.කවුද එහෙම කළේ.එහෙම කළාට පස්සේ කවුරු හරි කියනවා නම් අප්‍රේල් 16වෙනිදා අනුමැතියක් ගත්තා කියල ඒ කියන්නේ පාර්ලිමේන්තුව හෑල්ලු කරලා.”

RECENT ARTICLES - SINHALA

පුංචි ඡන්දයේ නාමයෝජනා ගැන කොමිසමෙන් දැනුවත් කිරීමක්

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප වීම් සිදුවිය හැකි ආකරයන් සම්බන්ධව මැතිවරණ කොමිසම විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව, කරුණු...

මේ වාර්තාව මම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා – රනිල්

බටලන්ද නිවාස සංකීර්ණයෙන් පොලිස් නිලධාරීන්ට ගොඩනැගිලි සහ නිවාස කීපයක් ලබාදීම සම්බන්ධයෙන් තමා ඊට වක්‍රාකාරයෙන් වගකිව යුතු බව පමණක් බටලන්ද කොමිෂන් සභාව වාර්තාවේ සඳහන් වන...

කොළඹ වරාය ආසන්නයේ තෙල් නළයක කාන්දුවක්

කොළොන්නාවේ සිට කොළඹ වරාය දක්වා ඉන්ධන ප්‍රවාහනය කරන නළයක කාන්දුවක් වී ඇති බවත්, එම කන්දුව මේ වන විට සම්පූර්ණමයෙන්ම නතර කර ඇති බවත්, ලංකා...

POPULAR ARTICLES