29 C
Colombo
Saturday, July 27, 2024

ජනතාව සහභාගි කර නොගත්තත් දළදා පෙරහැර පවත්වනවා – දියවඩන නිළමේ

- Advertisement -

මෙවර මහනුවර දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍ය ජනතා සහභාගිත්වයකින් තොරව සිදුකිරීමට තීරණය කළ බව දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසනවා.

මහනුවර ප්‍රදේශයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් දියවඩන නිලමේවරයා පැවසුවේ පවතින වසංගත තත්ත්වය හමුවේ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව මෙවර පෙරහැර පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි.

ඒ අනුව පළමු කුඹල් පෙරහැර අගෝස්තු මස 13 වන දින වීදි සංචාරය කිරීමට නියමිතව ඇති අතර එය අගෝස්තු 17 වන දින දක්වා පැවැත්වීමට නියමිතයි.

අගෝස්තු 18 වන දින පළමු රන්දෝලි පෙරහැර වීදි සංචාරය කරනු ලබන අතර දින 5ක් පුරා රන්දෝලි පෙරහැර පෙර පරිදිම පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

ඒ අනුව අවසන් රන්දෝලි පෙරහැර අගෝස්තු 22 වන දා පැවැත්වීමට නියමිත බව ද දියවඩන නිලමේවරයා සඳහන් කළා.

අගෝස්තු 23 වන දා සිව් මහා දේවාල කේන්ද්‍ර කර ගනිමින් දිය කැපීමේ මංගල්‍යය පවත්වා දිවා පෙරහැර පවත්වා ගෙවැදීමෙන් පසු මෙවර ඇසළ පෙරහැර මංගල්‍යය අවසන් වීමට නියමිතයි.


RECENT ARTICLES - SINHALA

මෛත්‍රිගෙන් දයාසිරියට අභියෝගයක්

ඉදිරි අගෝස්තු 08 වන දින සමගි ජන බලවේගය සමග එක් වීමට දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් මේ වන විටත් ගිවිසුම්ගත වී සිටින අතර ඒ සම්බන්ධයෙන්...

අගමැති හදන්නේ විධායකයයි අධිකරණයයි අතර ගැටුමක් හදන්න-ඉරාන්

පොලිස්පතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණ ලබාදුන්න නියෝගය පිළිනොගන්නා බව අගමැතිවරයා පාර්ලිමේන්තුවේදි සිදුකළ ප්‍රකාශය සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ...

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...