28.9 C
Colombo
Saturday, April 27, 2024

දූපතක් විකුණූ ගනුදෙනුව යළි කරළියේ

- Advertisement -

2015 වසරේදී මාලදිවයින් ජනමාධ්‍ය ඔස්සේ අනාවරණය කෙරුණු වූ කුප්‍රකට ‘මෝල්ටා ගනුදෙනුව’ පිළිබඳව නැවත කතාබහක් මතුව තිබෙනවා.ඊට හේතුවී ඇත්තේ ඉදිරි මැතිවරණය ඉලක්ක කරගනිමින් හිටපු ජනාධිපති අබ්දුල්ලා යමීන් සිය ප්‍රචාරක ව්‍යාපාරය ආරම්භ කර තිබීමයි. මෝල්ටා ගනුදෙනුව යනු යමීන් විසින් මෝල්ටාව සමග රටට රහසින් අත්සන් කරන ලද ජාතික ආරක්ෂාවට තර්ජනයක් වූ අතිශය රහසිගත ගිවිසුමක්. එය මෙසේයි.

යමීන් බලයේ සිටියදී සිටියදී, 2015 වසරේදී මාලදිවයිනේ උතුරු දූපතක, ඉන්දියන් සාගරය හරහා ගමන් කරන නැව් සඳහා සමුද්‍ර ආරක්‍ෂාව සඳහා වූ ඉල්ලුමට සරිලන පරිදි පෞද්ගලික අවි ගබඩාවක් පිහිටුවීමට එවකට රජය සැලසුම් කරමින් සිටිනු ලැබුවා. 2015 ඔක්තෝම්බර් මාසයේදී, Malta’s Marshall Consultants Group, Safety at Sea Logistics Ltd. (SASL) සමාගම් Haa Alif Atoll Uligan හි පෞද්ගලික අවි ගබඩාවක් තැනීමේ මෙම සැලසුම් සකස් කරනු ලැබුවා. ඒ ඕමාන් බොක්ක සහ රතු මුහුදේ නැව් පැමිණෙන අංශක අටේ මාර්ගයේ පිහිටි මාලදිවයින් දූපතකය. මෙම අවි ගබඩාව මාලදිවයිනේ ජාතික ආරක්ෂක බලකාය (MNDF) විසින් අධීක්ෂණය කරන බව රජය ප්‍රකාශ කරන ලද නමුත්, මූලාශ්‍රවලට අනුව, MNDF විසින් Uligan හි අවි ගබඩාවක් සඳහා කරන ලද ඉල්ලීම් ප්‍රතික්ෂේප කර ඇත්තේ, ඈත උතුරු ප්‍රදේශවල සොල්දාදුවන් යෙදවීමට සම්පත් නොමැති බව පවසමින්.

කෙසේවෙතත් පෞද්ගලික සමුද්‍ර ආරක්ෂාව යනු ලෝකයේ ලාභ උපයන ව්‍යාපාරයක්. ඊට ලොව කුප්‍රකට අවි ජාවාරම්කරුවන් මෙන්ම ත්‍රස්ත සංවිධානද සම්බන්ධවී සිටිනවා. එමනිසාම විවිධ හේතු දක්වමින් යමීන් මෙම අවි කේන්ද්‍රස්ථානය පිහිටුවීමේ සැලසුම ක්‍රියාත්මක කිරීමට මැදිහත් වුණා. විපක්ෂයේ මන්ත්‍රීවරු ජනතාවට මෙහි අනතුර පෙන්වාදෙන ලද්දේ,පෞද්ගලික අවි ගබඩාව සඳහා වූ ගනුදෙනුව ආයුධ වෙළඳාමට පහසුකම් සැලසිය හැකි බවත්,
අවි ගනුදෙනු හේතුවෙන් වර්ධනය වන අනාරක්ෂිතභාවය හේතුවෙන් මාලදිවයිනේ ත්‍රස්තවාදී ප්‍රහාර එල්ල වීමේ හැකියාව පවතින බවත් සඳහන් කරමින්. එම සැලසුමට යමීන් සම්බන්ධ කරගනු ලැබුවේ එවකට උප ජනාධිපති අදීබ්වය.

වත්මන් පාලක පක්ෂය පෙරලා දැමීම සඳහා දැන් යමීන් පෙලගස්වමින් තිබෙන බලවේගයට එරෙහිව දැන් මෙවැනි හිටපු ජනාධිපතිවරයාගේ වංචා සහ දුෂණ හෙළිදරව් වෙමින් තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

අනුර අද ස්වීඩනයේදී ජනහමුවකට

ස්වීඩනයේ සංචාරයක නිරත ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ජනහමුවකට සහභාගිවීමට නියමිතව තිබෙනවා. ස්වීඩනයේ, නකාඕලා, ස්ටොක් හෝම්හිදී මෙරට වේලාවෙන් අද පස්වරු 6.00ට පමණ...

කොළඹට අද පැය 14ක ජල කප්පාදුවක්

අද (27) පස්වරු 5 සිට පැය 14ක කාලයක් කොළඹ, දෙහිවල – ගල්කිස්ස හා මොරටුව ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන...

බැසිල් හදිසියේ ඉන්දීය මහ කොමසාරිස් හමුවෙයි

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඊයේ (26) ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා හමුවී සාකච්ඡා කර තිබෙනවා. x පණිවුඩයක් නිකුත් කරමින් මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය...

POPULAR ARTICLES

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් ගැන සුසිල්ගෙන් දැනුම් දිමක්

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් සඳහා 60,000ක් ඉල්ලුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. එහි කටයුතු ලබන සතිය වන විට අරඹන බවත් විද්‍යාපීඨ...