30.5 C
Colombo
Sunday, April 28, 2024

මැතිසබයේ කෑම බිල කෝටි 9යි..!

- Advertisement -
  • වියදම් තවත් ඉහළ යා හැකියි..!
  • ජල – විදුලි බිල් කෝටි 8 ඉක්මවයි..!

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය සහ එහි අමුත්තන්ට ආහාර පාන සැපයීම සඳහා වාර්ෂිකව වැයවන මුදල රුපියල් කෝටි නවයක් දක්වා ඉහළ නැග ඇතැයි වාර්තා වනවා.

පවතින ආර්ථික තත්ත්වය හමුවේ මෙම වියදම් තවදුරටත් ඉහළ යා හැකි බවයි පාර්ලිමේන්තු මූල්‍ය අංශය පවසන්නේ.

පාර්ලිමේන්තුව නිකුත් කළ වාර්තාවක දැක්වෙන අන්දමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය සහ අමුත්තන්ට ආහාර පාන සැපයීම සඳහා 2020 වසරේදී දරා ඇති මුදල රුපියල් අට කෝටි හැත්තෑ අට ලක්ෂ විසි අට දහස් අසූ දෙකකි.

මේ අතර පාර්ලිමේන්තු සංකීර්ණයේ විදුලිය සහ ජල බිලද රුපියල් කෝටි අටක් දක්වා ඉහළ නැග ඇතැයි වාර්තාවේ.

පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට පාර්ලිමේන්තු සංකීර්ණයේ විදුලිය සහ ජලය සැපයීම වෙනුවෙන් 2020 වසරේදී වැයවී ඇති මුළු වියදම රුපියල් හත් කෝටි හතළිස් හය ලක්ෂ විසි පන් දහස් තුන් සිය විසි තුනකි.

පවතින ආර්ථික තත්වය යටතේ පාර්ලිමේන්තුවේ මේ වියදම් හැකිතාක් සීමා කරන ලෙස රජය එහි ප්‍රධානීන්ට මෑතකදී දැනුම්දී ඇති අතර පාර්ලිමේන්තුවේ ආහාර වියදම්ද උපරිම සීමාවට පැමිණ ඇතැයි පැවසේ.

RECENT ARTICLES - SINHALA

මහින්දට වසරක සේවා දිගුවක්

මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ මහින්ද සිරිවර්ධනගේ ධුර කාලය වසරකින් දීර්ඝ කිරීමට කටයුතු කර තිබෙනවා ඉකුත් සිකුරාදා (26) විශ්‍රාම ගැනීමට නියමිතව සිටි මහින්ද සිරිවර්ධන...

EPF ගැන රජය හදිසියේම ගත් තීරණය

සේවක අර්ථසාධක අරමුදල සඳහා ගෙවනු ලබන පොලී අනුපාතය සියයට 9 සිට සියයට 13 ක් දක්වා ඉහළ දැමීමට රජය තීරණය කර තිබෙනවා. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්...

ලංකාවේ මරණ වැඩිවෙලා

2020 වසරේ සිට මෙරට වාර්ෂික දරු උපත් සංඛ්‍යාවේ අඩුවක් මෙන්ම මරණ සංඛ්‍යාවේ වැඩිවීමක් පෙන්නුම් කරන බව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය රෙජිස්ට්‍රාර් ජනරාල් නීතිඥ...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට සුපිරි ජයක්

විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ වටයේ පළමු තරගයේ ජය හිමිකරගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (24) සමත්වුණා. ඒ ලකුණු 67කින් තායිලන්ත...