28 C
Colombo
Tuesday, May 21, 2024

ආණ්ඩුව වැඩ පටන් අරන්.විපක්ෂයේ හතකට මත්පැන් බලපත්‍ර

- Advertisement -

විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තවත්  හත් දෙනකු ආණ්ඩුවෙන් මත්පැන් අලෙවිසල් බලපත්‍ර (බාර් ලයිසන්) ලබාගෙන ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග පවසනව බව ලංකාදීප පුවත්පත වාර්තා කරනවා.

මෙසේ මත්පැන් අලෙවිසල් බලපත්‍ර ලබාගෙන ඇති මන්ත්‍රීවරුන් පිරිසට කුරුණෑගල දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරු දෙදෙනෙක්, ගම්පහ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරු දෙදෙනෙක්, කොළඹ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයෙක් සහ  දකුණු පළාතේ මන්ත්‍රීවරු දෙදෙනෙක් ඇතුළත් වන බව සඳහන්.

ආණ්ඩුවට සම්බන්ධවී උදව් කරන බවට පොරොන්දුවීමෙන් පසු ඔවුන්ට මෙම මත්පැන් අලෙවිසල් බලපත්‍ර ලබාදී තිබෙන බවට වාර්තා වනවා.

විපක්ෂයේ නායකයන්ට මේ පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබෙන බවට පැවසෙන්නේ ඒ ඒ දිස්ත්‍රික්කවල විහාරාධිපති ස්වාමීන්වහන්සේලා මාර්ගයෙන්.

මේ අතර ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු රැසක්ද මත්පැන් බලපත්‍ර දැනටමත් ලබාගෙන ඇති බව එම ආරංචි මාර්ග සඳහන් කරනවා.

ආණ්ඩුව අලුතින් මත්පැන් බලපත්‍ර දෙසීයක් නිකුත් කර ඇතැයි පාර්ලිමේන්තුවේදී පසුගියදා සංවාදයක් ද ඇති වි තිබුණා.

RECENT ARTICLES - SINHALA

බිරිඳගේ ඝාතනයට සැමියා අත්අඩංගුවට

ලුණුගල, කුඹුකන්ඔයේ දියනාමින් සිටි දෙදරු මවක් ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට ඇයගේ සැමියා සහ ඊට අනුබල දුන්නේ යැයි සැකපිට ඔහුගේ මිතුරෙකු ඊයේ (20) අත්අඩංගුවට ගත්බව...

හමුදා සාමජිකයින් 15,667ක් නීත්‍යානුකූලව ඉවතට

නීත්‍යානුකූලව සේවයෙන් ඉවත් වීමට යුද හමුදා සාමාජිකයින්ට ලබාදී තිබූ මාසයක පොදු සමා කාලය ඊයේ (20) දිනයෙන් අවසන් වුණා. එම කාල සීමාව තුළ සාමාජිකයින් 15,667ක් නීත්‍යානුකූල...

මදුරන්කුලියේ දරුවෙක් දින තුනක් තිස්සේ අතුරුදන්

මදුරන්කුලිය ආදර්ශ විද්‍යාලයේ ඉගෙනුම ලැබූ සිසුවකු දින තුනක් තිස්සේ අතුරුදන් වී ඇති බව මව්පියන් හා ඥාතින් පැමිණිලිකර තිබෙන බව මදුරන්කුලිය පොලිසිය පවසනවා. මෙලෙස අතුරුදන් වී...

POPULAR ARTICLES

ඩයනා අතුරුදන්

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර, විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සම්බන්ධ නඩුවේ සැකකාරියක් වශයෙන් හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ නම් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන්...

ඉරාන ජනපති තවමත් අතුරුදහන්. හෙලිකොප්ටරයේ සුන්බුන් බවට සැක කෙරෙන තාප ප්‍රභවයක් හඳුනාගෙන

Update:ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි ගමන් ගත් හෙලිකොප්ටර් යානය කඩා වැටුණු ස්ථානය ගවේෂණ කණ්ඩායම් විසින් සොයාගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ තවත් නොබෝ වෙලාවකින් එම කණ්ඩායම...

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...