28 C
Colombo
Thursday, May 9, 2024

බඩගින්නට මිලියන 38ක කලාත්මක කෙසෙල් ගෙඩියක් කෑ සිසුවා

- Advertisement -

දකුණු කොරියාවේ සෝල් හි ලීයම් කලා කෞතුකාගාරයේ බිත්තියක ඉතාලි චිත්‍ර ශිල්පී මොරිසියෝ කැටෙලන් විසින් අලවා තිබූ කෙසෙල් ගෙඩියක් ඉවත් කර එය අනුභව කිරීම නිසා සෝල් ජාතික විශ්ව විද්‍යාලයේ කලා සිසුවෙකු පසුගියදා ජාත්‍යන්තර පුවත් මවන ලදි.

“Comedian” ලෙස නම් කරන ලද කලා කෘතියක් වන එම කෙසෙල් ගෙඩිය 2019 වසරේ දී $120,000 කට අලෙවි වීමත් සමග ලෝකයේම අවධානයට පාත්‍ර විය. මොරිසියෝ කැටෙලන්ගේ කලා ප්‍රදර්ශනයක ප්‍රදර්ශනයට තබා තිබූ මෙම කෙසෙල් ගෙඩිය අදාල සිසුවා අනුභව කර ඇත්තේ කුසගින්න නිසා බවත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් කැටෙලන්ව දැනුම්වත් කළ විට ඔහු ඒ සම්බන්ධව කිසිඳු ප්‍රතිචාරයක් නොදැක්වූ බවත් කලා කෞතුකාගාරයේ පාලන අධිකාරය පවසා සිටිනවා.

මෙම කෙසෙල් ගෙඩිය දවස් 2ක් හෝ 3කට වතාවක් මාරු කරන බවත් ඔවුන් පවසනවා.

“Comedian” ආන්දෝලනයට ලක් වූ පළමු අවස්ථාව මෙය නොවේ. 2019 දී, ප්‍රාසාංගික කලාකරුවෙකු වූ ඩේවිඩ් ඩටුනා මියාමි හි පෙරෝටින් ගැලරියේ ප්‍රදර්ශනය කර තිබියදී කෙසෙල් ගෙඩිය අනුභව කළ අතර එය ප්‍රාසාංගික ක්‍රියාවක් මිස මිස විනාශකාරී ක්‍රියාවක් නොවන බව එහිදී ඔහු පවසන ලදි. මෙම කලා කෘතිය ප්‍රකාශන හිමිකම් සටනක පැටලී ඇති අතර, කැලිෆෝනියාවේ චිත්‍ර ශිල්පියෙකු විසින් කැටලන් විසින් “Banana & Orange” නම් වූ ඔහුගේ කලා කෘතිය කැටෙලන් විසින් සොරකම් කළ බවට චෝදනා කරයි.

ජනප්‍රිය සංස්කෘතියට නිතරම පාහේ අභියෝග කරන කැටලන් සංකල්පීය කලාව පිළිබඳ විවාදයන් ඇතිකිරීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධය. ඩොලර් මිලියන 6 ක් පමණ වටිනා කැරට් 18 ක රන් වැසිකිළියක් නිර්මාණය කිරීම හේතුවෙන් ඔහු මීට පෙර ජනප්‍රිය වූ අතර 2019 දී එය යමෙක් සොරකම් කරන ලදි.

RECENT ARTICLES - SINHALA

විදුලි සංදේශ නියාමන පනත වසර විසිඅටකට පසු සංශෝධනයට

වසර 28කට පසුව විදුලි සංදේශ නියාමන පනත සංශෝධනය කිරීම සඳහා වන සංශෝධිත පනත් කෙටුම්පත හෙට (10) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව තාක්ෂණ රාජ්‍ය...

සජබ ලියාපදිංචි කලේ මංගල

සමගි ජන බලවේගය ලියාපදිංචි කළේ මංගල සමරවීර මහතා බව මාතර ඇමතිවරයකු වන කංචන විජේසේකර මහතා එය නොදැන සිටීම පුදුමයට කාරණයක් බව කොළඹ දිස්ත්‍රික් සජබ...

සිංහල අවුරුද්දේ මද්‍යසාර භාවිතයේ අඩුවක්

මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සව සමයේ මද්‍යසාර භාවිතයේ පැහැදිලි අඩුවක් දක්නට ලැබෙන බව මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පවසනවා. පසුගිය සිංහල හා දෙමළ...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

හෙද සේවය ඇතුළු සෞඛ්‍ය සේවාවල විශ්‍රාම වයස් සීමාවේ වෙනසක්

හෙද කාර්ය මණ්ඩලයේ ඇතුළු ඇතැම් සෞඛ්‍ය සේවාවල විශ්‍රාම යාමේ වයස අවුරුදු 61 දක්වා දිර්ඝ කරන ලෙස ඉල්ලා අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව...

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වන දිනය ගැන දැනුම්දීමක්

අද ඇරඹුණු අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල සැප්තැම්බර් මාසය වනවිට ලබාදීමට බලාපොරොත්තු වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා. විභාග...