30 C
Colombo
Wednesday, May 15, 2024

බිරිඳට තියුණු ආයුධයකින් පහර දුන් සැමියා අත්අඩංගුවට

- Advertisement -

වත්තල නගරයේ පිහිටි වෛද්‍ය පරීක්ෂණ ආයතනයක සේවය කරමින් සිටි කාන්තාවකට තියුණු ආයුධයකින් පහරදී බරපතළ තුවාල සිදුකර තිබෙනවා.

පොලීසිය පවසන්නේ, පහරදීමෙන් බරපතළ තුවාල ලැබූ එම කාන්තාව මේ වනවිට ප්‍රතිකාර ගනිමින් සිටින බවයි.

මෙලෙස පහරකෑමට ලක්වී ඇත්තේ 24 හැවිරිදි මස්කෙළිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්.

ඊයේ (15) උදෑසන මෙම කාන්තාව සේවය කරමින් සිටි වෛද්‍ය පරීක්ෂණ ආයතනය වෙත පැමිණ ඇති ඇයගේ සැමියා ඇයත් සමඟ අරවුලක් ඇති කරගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

පසුව එය දුරදිගයාමත් සමගම එම ස්ථානයේම තිබු කතුරකින් සැකකාර සැමියා ඇයගේ ගෙල ප්‍රදේශයට පහරදී ඇති බව පොලිස් විමර්ශනවලදී හෙළිවී තිබෙනවා.

පසුව සැකකරු වත්තල පොලීසිය වෙත ඉදිරිපත්වී ඇති අතර එහිදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මිලියන 9ක මත්ද්‍රව්‍ය තොගයක් තැපෑලෙන් ඇවිත්

මධ්‍යම තැපැල් හුවමාරුව වෙත විදෙස් රටවල් කිහිපයක සිට පැමිණි පාර්සල් කිහිපයක තිබී මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබෙනවා. ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් සිදුකළ...

මහජන උපයෝගිතා කොමිසමේ ලොක්කෝ එළවන්න සේවකයෝ පාරට බැහැලා

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ වත්මන් සභාපති ඇතුළු සාමාජිකයින්ගේ ධූර කාලය දිගු නොකරන ලෙස ඉල්ලමින් මහජන උපයෝගිතා කොමිෂන් සභා සේවක සංගමය ආණ්ඩුක්‍රම ව්‍යස්ථා...

POPULAR ARTICLES

යුධ පිටියක් වු කටුගස්තොට

කටුගස්තොට නගරය ආසන්නයේ විවෘත කිරීමට නියමිතව තිබූ මත්ස්‍ය වෙළෙඳ සැළකට කඩා වැදුණු අවිගත් කණ්ඩායමක් ගොඩනැගිල්ලට සහ වාහන දෙකකට පහර දී දැඩි අලාභහානි සිදුකර තිබෙන...

කුලී කාමරවලට පනින්නත් දේශබන්දුගෙන් සුදානමක්

දිවයින පුරා ඇති නිවාස සහ කාමර කුලියට ගෙන පදිංචිව සිටින අය පිළිබඳව සොයා පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.නිවෙස් සහ කාමරවල...

නෙළුම් කුළුණෙන් පැන්න විදේශිකයෙක් වහලය උඩට වැටිලා

කොළඹ, නෙළුම් කුළුණේ බේස් පැනීමේ ඉසව්ව (Base Jump) අත්විඳිමින් සිටි විදේශිකයෙකු එම ඉසව්ව අතරතුර දී ඉන් ඇද වැටීමෙන් තුවාල ලබා තිබෙනවා. විදේශිකයාගේ පැරෂුටය විවෘත වීම...