30.3 C
Colombo
Friday, April 26, 2024

The God Father අභිබවා දමිළ චිත්‍රපටයක් IMDb දර්ශකයේ ඉහළටම

- Advertisement -

The Shawshank සහ The Godfather වැනි සම්භාව්‍ය චිත්‍රපට අභිබවා දමිළ භාෂා චිත්‍රපටයක් වන Jai Bhim,IMDb ශ්‍රේණිගත කිරීම්හි ඉහළටම පැමිණ තිබෙනවා.

එය දැඩි හින්දු කුල ධුරාවලියේ පහළම සිටින දාලිත්වරුන් මර්දනය පිළිබඳ කතිකාවට ලක් කරන ඉන්දියානු සිනමා පෙළේ නවතම නිර්මාණය ලෙස සැලකෙනවා.චිත්‍රපටය ආරම්භ වන්නේ පොලිස් නිලධාරීන් පිරිසක් සැකකරුවන් කුලය අනුව වෙන් කරන දර්ශනයකින් සහ ඉහළ කුල නියෝජනය කරන සැකකරුවන් ඉවත් කර දාලිත් වැනි පහළම කුල වල මිනිසුන් වෙත ව්‍යාජ චෝදනා ගොනු කරන සිදුවීම් පෙළකින්.

ඉන්දියාවේ ජනගහණයෙන් 20% ක් පමණ නියෝජනය කරන දාලිත් ප්‍රජාව ඔවුන් ආරක්ෂා කිරීම වෙනුවෙන් නීති පැවතියදීත් නිතිපතා විවිධ හිංසාවන්ට ලක්වෙන ජන කොට්ඨාශයක්.

චිත්‍රපටය Jai Bhim ලෙස නම් කර ඇත්තේ යන Long Live Bhim පාඨයේ පරිවර්තනයක් ලෙසයි.

එය ඉන්දියාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රධාන නිර්මාතෘ ලෙස සැලකෙන එරට ප්‍රථම නීති ඇමතිවරයකු සහ දාලිත් නායකවරයකු ලෙස සැලකෙන BR ඇම්බෙඩ්කාර්ගේ අනුගාමිකයන් විසින් ජනප්‍රිය කරන ලද සටන් පාඨයකි.

TJ ඥානවේල් විසින් අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාව දමිළ සිනමාවේ සුපිරි තරුවක් වන සූරියා විසින් රඟ දක්වනු ලබනවා.

RECENT ARTICLES - SINHALA

නීතිඥ සංගමයට සජබෙන් ආරාධනයක්

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය සඳහා මැදිහත් පාර්ශවයක් ලෙස කටයුතු කිරීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමයට ආරාධනා කර තිබෙනවා. ශ්‍රී...

අමරවීර ඉරානයට

කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින (26) ඉරානය බලා පිටත්ව ගොස් තිබෙනවා. ඉරානයේ ‌ටෙහෙරාන් නුවර පැවැත්වෙන EXPO ප්‍රදර්ශනයට ශ්‍රී ලංකාව නියෝජනය...

කොළඹට හෙට පැය 14ක ජල කප්පාදුවක්

හෙට (27) පස්වරු 05 සිට පැය 14ක කාලයක් කොළඹ, දෙහිවල - ගල්කිස්ස හා මොරටුව ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...