32 C
Colombo
Friday, March 29, 2024

සේලයින් බෝතලයක් සමඟ පැමිණ ඡන්දෙ දුන් මන්ත්‍රීවරයා

- Advertisement -

මේ වන විට රෝගාතුර ව රෝහල්ගත ව ප්‍රතිකාර ලබන පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ප්‍රිය හේරත් සිය සේලයින් බෝතලය ද සමඟ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා සිදු කෙරෙන ඡන්ද විමසීමට සහභාගී විය.

මෙම ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු සභා ගර්භයට පැමිණි වහා ම කථානායකවරයා ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ සභාවට පැහැදිලි කර ඔහුට විශේෂ අවස්ථාවක් ලබා දිය හැකි දැ යි විමසා සිටියා.

එහි දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ප්‍රකාශ කෙරුණු එකඟතාව මත පාර්ලිමේන්තු සේවකයන්ගේ සහයෝගයෙන් ඡන්ද පෙට්ටිය අසලට පැමිණි සමන්ප්‍රිය හේරත් මන්ත්‍රීවරයා සිය ඡන්දය ප්‍රකාශ කළා.

මීට අමතර ව කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණීමේ දී ඔහුගේ ඡන්ද පත්‍රිකාව රැඳි අත ඉහළට ඔසවා ආචාර කරන අයුරු දක්නට ලැබුණා.

එතෙක් ඡන්දය ප්‍රකාශ කළ සෑ ම මහජන නියෝජිතයෙකු ම සාමාන්‍ය අයුරින් ඡන්දය ප්‍රකාශ කිරීමේ දී ඔහුගේ මෙම ක්‍රියාව කැපී පෙනෙන සිදුවීමක් වුණා.


RECENT ARTICLES - SINHALA

ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල තනතුරු කිහිපයක් සඳහා විශේෂ දිරි දීමනාවක්

ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත මාණ්ඩලික නිලධාරී තනතුරු කිහිපයක් සඳහා විශේෂ මාසික දිරි දීමනාවක් ගෙවීමට රජය විසින් තීරණය කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන, අමාත්‍යාංශය සඳහන් කළේ ඒ,...

වතුපාසල් සඳහා ගුරු සහායක පත්වීම් 2,535ක්

ඉදිරි සති කිහිපය ඇතුළත වතු පාසල් සඳහා ගුරු සහායකින් 2,535ක් සඳහා අයදුම්පත් කැඳවීමට අදාළ ගැසට් නිවේදනය පළ කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය...

Breaking: ඥාණසාර හිමි බන්ධනාගාර රෝහලට

0
ජාතික හා ආගමික සංහිඳියාවට හානි සිදු වන ආකාරයෙන්, ඉස්ලාම් දහමට අපහාසාත්මක වන ප්‍රකාශයක් කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් වරදකරුවී 4ක බරපතළ වැඩසහිත සිරදඬුවම් ලැබූ ගලබොඩ අත්තේ...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...