27.9 C
Colombo
Saturday, April 27, 2024

අප්‍රේල් වෙද්දි හාල් කිලෝවක අවම මිල 300ක් වේවි – සහල් නිෂ්පාදකයන්

- Advertisement -

ඉදිරියේදී රටතුළ විශාල සහල් හිගයක් ඇතිවිය හැකි බවට එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ සංගමය පවසනවා.

මේ වනවිට ගොවීන් සතුව මෙන්ම සහල් නිෂ්පාදකයන් සතුවද ප්‍රමාණවත් සහල් තොග නොමැති බවයි එම සංගමයේ සභාපති මුදිත් පෙරේරා මහතා පවසන්නේ.

පොහොර හිගය හේතුවෙන් මහ කන්නයේදීද ප්‍රමාණවත් අස්වැන්නක් බලපොරොත්තු විය නොහැකි බවත් ඒ අනුව ඉදිරි කාලය තුළදී සහල් මිලදී ගැනීම සඳහාද දැඩි පෝලිම් දක්නට ලැබෙනු ඇති බවත් මුදිත් පෙරේරා වැඩිදුරටත් පවසනවා.

ඉදිරි කාලයේදී ඇතිවන සහල් හිගය පිළිබඳව නිවැරදිව ගණනය කර ආරක්ෂිත සහල් තොග තබා ගැනීමට හෝ සහල් ආනයනය කිරීමට හෝ ආණ්ඩුව කටයුතු කළයුතු බවද සභාපතිවරයා පෙන්වා දෙනවා. මෙම වසර තුළදී අවම වශයෙන් සහල් මෙට්‍රික් ටොන් 08-10 අතර ප්‍රමාණයක් ආනයන කිරීමට සිදුවනු ඇති බවයි ඔහු පවසන්නේ.

දැනට වෙළඳපොලේ රුපියල් 165-170 අතර මිල ගණන්වලට අලෙවි වන නාඩු සහල් කිලෝවක තොග මිල ඉදිරි සති කිහිපය තුළ රුපියල් 20-25 අතර ප්‍රමාණයකින් ඉහළ යාහැකි අතර ඒ අනුව නාඩු සිල්ලර මිල 200 සීමාවට ලඟා වනු ඇති බවත් අවම මිලකට මිලදී ගත හැකි රතු කැකුළු සහල් මිලද මේ වනවිට 150 සීමාවට ලඟා වී ඇති බවත් සිංහල අවුරුදු සමය වනවිට සහල් කිලෝ එකක මිල රුපියල් 300 ක් දක්වා ඉහළ යනු ඇති බවත් එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ සංගමය පවසනවා.

RECENT ARTICLES - SINHALA

ජයශ්‍රී ට එරෙහි නඩුවට දින නියම කෙරේ

අරුණ ලියාන් මහතා සිය බුද්ධිමය දේපළ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ජයලත් සහෝදරයින්ට එරෙහිව ගොනු කර ඇති නඩුව ගරු වාණිජ මහාධිකරණය ඉදිරියේ අද (26) දින...

කළුතර පොලිස් නිළධාරින් බලා සිටියදී පිරිසක් කාන්තාවකට ආයුධ වලින් පහරදිලා

කළුතර නාගොඩ රෝහලේ ප්‍රධාන දොරටුව අසල පොලිස් නිලධාරීන් සහ ආරක්ෂක නිලධාරීන් බලා සිටියදී රෝහලට පැමිණි කාන්තාවකට තියුණු ආයුධවලින් පහර දී තිබෙනවා. පහරදීම සිදුකර ඇත්තේ කළුතර,...

ඇල්ල – වැල්ලවාය මාර්ගයත් නායයාමේ අවදානම් තත්ත්වයක

ඇල්ල, කරදගොල්ල, දහය කණුව ප්‍රදේශයේ මේ වන විට නායයෑමක් සක්‍රීය වී තිබෙනවා. ඇල්ල - වැල්ලවාය මාර්ගයටද බලපෑම් ඇතිවිය හැකි බැවින් රියැදුරන් ඒ පිළිබඳව සැළකිලිමත් වීම...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් ගැන සුසිල්ගෙන් දැනුම් දිමක්

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් සඳහා 60,000ක් ඉල්ලුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. එහි කටයුතු ලබන සතිය වන විට අරඹන බවත් විද්‍යාපීඨ...