29.4 C
Colombo
Wednesday, May 8, 2024

නව කැළණි පාලමේ ඇණ ගලවලා නෑ..! – බන්දුල

- Advertisement -

නව කැලණි පාලමේ රුපියල් මිලියන ගණනක් වටිනා ඇණ ගලවා සොරකම් කර ඇති බවට කරන ප්‍රකාශ ප්‍රතික්ෂේප කරන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

අද (18) දින පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ ඒවා ඉවත් කිරීමට අවශ්‍ය විශේෂ මෙවලම් ඇත්තේ අදාළ ඉංජිනේරු සමාගම් සතුව පමණක් බවයි.

ඒවා ඉවත් කිරීම පහසු වුවහොත් පාලම් අනතුරේ වැටෙන බවත් ඔහු පෙන්වා දෙනවා.

දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා ඊයේ ඉදීරිපත් කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කියා සිටියේ අපවහන පද්ධතියේ ජීඅයි පයිප්ප කිහිපයක් පීවීසී පයිප්ප, පාලමට සම්බන්ධ සන්නිවේදන කාමරයේ වායු සමීකරණ පද්ධතියේ සමහර කොටස් සහ පාලම දිගේ සවි කර ඇති වර්ණ බල්බ පමණක් සොරාගෙන ඇති බවයි.

අමාත්‍යවරයාට අනුව පාලමෙන් සොරාගත් භාණ්ඩවල මුළු වටිනාකම රු. මිලියන 5.9 කි. කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ පිත්තල කම්බි, ජීඅයි පයිප්ප, විදුලි පහන් කණු වැනි රුපියල් මිලියන 294.4 ක් වටිනා භාණ්ඩ ද සොරාගෙන ගොස් ඇති බවත් ඔහු පෙන්වා දෙනවා.

කෙසේ නමුත්, මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එල්.වී.එස්.වීරකෝන් විසින් පසුගිය 14 වනදා මාධ්‍ය වෙත කරුණු දක්වමින් පවසා සිටියේ කටුනායක සහ නව කැළණි පාලම 2021 ජනතා අයිතියට පත්කිරීමෙන් පසු එහි ඉලෙට්‍රික් කේබල්, පැනල් බෝඩි, ඇණ, ඩවුන් පයිප්ප සහ CCTV ගලවාගෙන ගොස් ඇති අතර ඒවායේ වටිනාකම රු. මිලියන 275 ක් පමණ වන බවයි

RECENT ARTICLES - SINHALA

ශ්‍රී ලංකන් පාඩුව ගැන අගමැතිගෙන් හෙළිදරව්වක්

ශ්‍රී ලංකන් ගුවන් සමාගම පසුගිය වසර දහයේදී (2014 -2024) රුපියල් කෝටි හතළිස් පන් දහස් හත්සිය අනූවකට වැඩි මුදලක් පාඩු ලබා තිබෙන බව අග්‍රාමාත්‍ය දිනේෂ්...

අහුංගල්ලේ වෙඩි තැබිමක්

Update : අහුංගල්ල වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මියගොස් තිබෙනවා. මෙසේ මිය ගොස් ඇත්තේ 55 හැවිරිදි පුද්ගලයෙක් බවට වාර්තා වනවා. අහුංගල්ල ප්‍රදේශයේ අද(08) සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා...

ලොක්කෝ දෙන්නෙක්ට හදිසි කැඳවීමක්

මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ ආගමන විගමන පාලක ජනරාල්වරයා රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාව හමුවට කැඳවා තිබෙනවා. ඒ අනුව ඔවුන් දෙදෙනා හෙට (09) දිනයේ කැඳවීමට...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

හෙද සේවය ඇතුළු සෞඛ්‍ය සේවාවල විශ්‍රාම වයස් සීමාවේ වෙනසක්

හෙද කාර්ය මණ්ඩලයේ ඇතුළු ඇතැම් සෞඛ්‍ය සේවාවල විශ්‍රාම යාමේ වයස අවුරුදු 61 දක්වා දිර්ඝ කරන ලෙස ඉල්ලා අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව...