30.1 C
Colombo
Friday, April 26, 2024

මන්ත්‍රීවරුන්ට අලුත් වාහන ගෙන්වන්න ගියේ රාජකාරී කටයුතු වලට නෙවෙයි – අමරවීර

- Advertisement -

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සඳහා ගෙන ඒමට සුදානම් වූ වාහන ගෙන්වීමට තීරණය කලේ රාජකාරි කටයුතු සඳහා නොව එය ඔවුන්ගේ පෞද්ගලික පරිහරණයට බව අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කර සිටිනවා.

පරිසර අමාත්‍යංශයේ ඊයේ (16) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.

” මේ වාහන ගෙන්වීමට තීරණය කළේ රාජකාරි කටයුතු සඳහා නොවෙයි. පාර්ලිමේන්තු මන්ත්රීැවරුන්ගේ පුද්ගලික පරිහරණයටයි. කොහොම වුනත් මෙම වාහන ඇණවුම් කිරීම රජය දැන් අත්හිටුවා තිබෙනවා. යම් හෙයකින් වාහන ගෙන්වුවත් ඒවා මන්ත්රීනවරුන්ට ලබා දෙන්නට රජය කටයුතු කරන්නේ නැහැ.

එමෙන්ම වාහන අවශ්යකතාවය පැන නැගී තිබුනේ නවක මන්ත්රී්වරුන්ටයි. ඒ අයට පාර්ලිමේන්තුවට පැමිණීමට හෝ වාහන නැහැ. ඇතැම් විට ඒ අයගෙන් ඉල්ලීමක් තිබෙන්නට ඇති. ඒ ගැන මම දන්නේ නැහැ. වාහන අවශ්යහ වන්නේ දැයි අනෙකුත් පාර්ලිමේන්තු මන්ත්රීබවරුන්ගෙන් කවුරුන් හෝ විමසුවාදැයි මම දන්නේ නැහැ. නමුත් මගෙන් නම් කිසිවෙක් හෝ මට වාහනයක් අවශ්යලදැයි විමසීමක් කළේ නැහැ. පුද්ගලිකව මට වාහනයක් නැහැ. දැනට මම පාවිච්චි කරන්නේ අවුරුදු හතරක් පහක් පරණ වාහනයක්.

මේ වෙලාවේ රටේ හැම අංශයකම ආර්ථික තත්ත්වය යහපත් නෑ. ඒක අපි පිළිගන්න ඕනෑ. සංචාරක කර්මාන්තය බිඳ වැටිලා. විදේශ රටවල සේවය කරන පිරිස් වෙතින් මුදල් එන එකත් අඩුවෙලා. අපේ රටේ බොහෝ ව්යා පාරික කටයුතු විදිමත් ලෙස සිදුවන්නේ නැහැ. සියලු මිනිසුන්ගේ එදිනෙදා ජීවනෝපායයන් ඇහිරී තිබෙනවා. එවැනි විටෙක පාර්ලිමේන්තු මන්ත්රී වරුන්ට වාහන ගෙන්වීම සුදුසු යැයි මම හිතන්නේ නැහැ.ඒ වගේම මෙම තීරණය ගන්න රටේ සියලු අංශ පවතින්නේ සුදුසු තත්ත්වයක නොවෙයි.” යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.

RECENT ARTICLES - SINHALA

ආයුර්වේද ඖෂධ නිෂ්පාදන නියාමනයට අලුත් සභාවක්

ශ්‍රී ලාංකීය ජනතාවගේ මෙන්ම සමස්ථ ලෝවාසී ජනතාවගේ නීරෝගී සුවය උදෙසා ගුණාත්මක තත්ත්වයෙන් උසස් ආයුර්වේද ඖෂධ නිෂ්පාදන ක්‍රියාවලියක් වෙනුවෙන් ආයුර්වේද ඖෂධ නිෂ්පාදන නියාමන සභාව පත්කිරීම...

කොකුවිල් දුම්රිය ස්ථානයට සීල් තියලා

යාපනය කොකුවිල් දුම්රිය ස්ථානයේ ප්‍රවේශපත්‍ර අලෙවි කිරීමෙන් ලද ආදායමෙන් රුපියල් ලක්ෂ විසි හතරක මුදලක් වංචා වීමත් සමගම දුම්රිය විමර්ශන නිලධාරීන් විසින් කොකුවිල් දුම්රිය ස්ථානයට...

සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ගැන දැනුම්දීමක්

සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසනව. ඔහු අද (26) පාර්ලිමේන්තුවේදී සඳහන්...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...