28.9 C
Colombo
Thursday, March 27, 2025

කථානායකට එරෙහි විශ්වාසභංගයට උත්තර ලංකා සභාගයෙත් සහාය

- Advertisement -

කථානායකවරයාට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාව සඳහා සහාය ලබාදීමට උත්තර ලංකා සභාගය තීරණය කර තිබෙනවා.

ඊයේ (26) රැස්වූ උත්තර ලංකා සභාගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වන්නේ.

මාර්ගගත සුරක්ෂිතතාව පිළිබඳ පනත සම්මත කිරීමේ දී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බවට චෝදනා කරමින් විපක්ෂය විසින් ඔහුට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට තීරණය කර තිබෙනවා.

ඒ සඳහා උත්තර ලංකා සභාගයේ මන්ත්‍රී කණ්ඩායමද සහාය පළකරන බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සඳහන් කළා.

මෙම විශ්වාසභංග යෝජනාව ලබන මස 05 වනදාට පෙර පාර්ලිමේන්තු මහලේකම්වරිය වෙත භාරදීමට විපක්ෂය සැලසුම් කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

චාමර සම්පත් අල්ලස් කොමිසමට

බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාගෙන් අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසම විසින්මේ වන විට ප්‍රශ්න කරමින් සිටින බවට වාර්තා වනවා. ඌව පළාත්...

වරකාපොළ මහෙස්ත්‍රාත් අධිකරණයට හොරු පැනලා

වරකාපොළ මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයට අද (27) අලුයම සොරෙක් පැන තිබෙනවා. එම නඩු භාණ්ඩ කාමරයේ ජනේලය විවෘත කිරීම සඳහා ඔහු උත්සාහ කර ඇති...

ඩෙංගු අවදානම යළි ඉහළට

දිස්ත්‍රික්ක 8ක අද (27) සිට දින 3ක්, විශේෂ මදුරු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා. මදුරු ඝනත්වය ඉහළ අගයක පවතින කොළඹ,...

POPULAR ARTICLES